‘මෙගේ එකම ආසාව ඉක්මනට අම්මා කෙනෙක් වෙන එක’ මාධවී කියන කතාව

මාධවි වත්සලා ඇන්තනි කියන්නේ කලා පවුලක හිමිකම් කියන දියණියක්. ජැක්සන් ඇන්තනිගේ එකම දියණිය වන ඇය දක්ෂ රංගන ශිල්පිනියක් නිවේදිකාවක් මෙන්ම දක්ෂ නර්තන ගායන ශිල්පිනියක්. දියණියක් වූ ඇය සාර්ථක බිරිඳක් ලෙස මේ වන විට කාලය ගෙවනවා ඉතින් අපි හිතුවා ඇය සමග ටිකක් කතාකරන්න. මාධවී දක්ෂ රංගනයටද ගායනයටද, ”ඒක ඇත්තටම මගේ ජීවිතේ අමාරු ප්‍රශ්නයක්. කලාකරුවෙක් බිහිවෙන්නේ විවිධ වූ කුසලතා එකතු වෙලා. තමන්ගේ පළමු වෙන ප්‍රේක්ෂකයා වන්නේ තමන්මයි. විචාරකයා වෙන්නෙත් තමන්මයි. ඒ හැමදේම එක්ක යම්කිසි තෘප්තියක් ලැබෙනවා නම් පමණයි ගායනයට යොමු වෙන්නේ. මට කොහොමත් මම දක්ෂ රංගනයට ගායනයට ද කියලා විනිශ්චය කරන්න බැහැ. මේ දෙකටම මම එක වගේ කැමති. හැමදේම ගැන කල්පනා කරලා තමයි මම නිර්මාණයක් කරන්නේ.”

ඔබේ යූ ටියුබ් නාලිකාව ජනප්‍රිය වුණා නේද, ”ඇත්තටම ඔව් හිතපු නැති විදිහට ඒ යූ ටියුබ් නාලිකාව ජනප්‍රිය වුණා. කොහොමත් යුටුබ් එකක් කරන්න ඕනෙයි කියල මමයි මිලාන් කලින් ඉඳලම ප්ලෑන් කරා. කොහොම වුණත් මිලාන්ගේ බර්ත්ඩේ එකට මමයි බුවියි එකතුවෙලා කේක් එක හදනකොට මල්ලි තමා කිව්වේ මේ වගේ දෙයක් යූටියුබ් එකට දාමු කියලා. මොකද ඒක වෙනස් දෙයක් නිසා. එහෙම පටන් ගත්ත වැඩසටහන් අද ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඉදිරියේදී විවිධ වූ දේවල් යූටුබ් නාලිකාව හරහා ගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට ආදරේ කරන ගොඩක් ප්‍රේක්ෂකයෝ මගේ යුටියුබ් චැනල් එක හරහා එකතු වෙලා ඉන්නවා, යුටියුබ් එක පටන් අරගෙන කෙටි කාලයක් උනාට නොහිතපු විදිහට ඒකට ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා.

ඔබට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරය නම් අඩුවක් නැහැ. ඒ ගැන මොකද හිතන්නේ, ”මම හිතන්නේ ප්‍රේක්ෂකයින් තමයි මගේ ලොකුම වත්කම කියලා. මොකද අපි කලාවේ ඉන්නේ ප්‍රෙක්ෂකයින් නිසා. ප්‍රසංසා විවේචන මේ හැමදේම අපි බාර ගන්න ඕන. මම හිතන්නේ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර තමයි අපේ ගමන තීරණය කරන්නේ. මොකද අපි වැටුන වෙලාවකට පවා ඔවුන්ගේ වචන ලොකු රුකුලක් වෙනවා නැගිටින්න. ගොඩක් වෙලාවට මම නම් මට මැසේජ් කරන මට රිප්ලයි කරන රසිකයින්ට නැවත ප්‍රතිචාර දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම කමෙන්ට් එකකටම මම ගරු කරනවා. ලංකාවේ ප්‍රේක්ෂකයන් ගොඩක් බුද්ධිමත් අය. ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකයින් කැමැති අපේකම රැකගත්ත නිර්මාණ වලට. ඒ නිසාම අපි පුරුදු වෙන්න ඕන ඒවගේ නිර්මාණ බිහි කරන්න.”

මේ වන විට ඔබ ආදරණීය නැන්දනියක්. කොහොමද පුංචි දුවගේ ආදරේ දැනෙන්නේ, ”ඒ ආදරය ගැන කියන්න මට වචන මදි. ඒ තරමට ඒ ආදරය මට දැනෙනවා. පහුගිය කොරෝනා වසංගත සමයේ අපි හැමෝම හිටියේ එකට. දැන් නම් නිතරම ගෙදර යන්න හිත කියන්නේ දුව නිසා. පුංචි දුව ලොකු මල්ලි වගේමයි. අම්මා කියන්නේ මල්ලිගෙ පුංචි කාලේ පුංචි දුවගෙන් දකිනවා කියලා. අපි හැමෝගෙම සතුට දැන් එයා.

මාධවිට දැම්ම දරු සුරතල් බලන්න අදහසක් නැද්ද ? ”ඇත්තටම එහෙම බලා පොරොත්තුවක් තියෙනවා මම ගොඩක්ම ආසයි අම්මා කෙනෙක් වෙන්න එත් අපි හිතුවට විතරක් එහෙම වෙන්නේ නෑ නේ ස්වභාව දර්මයට අනුව තමයි හැමදේම වෙන්නේ ඉතින් අපි ඉවසලා ඉන්නවා කවදා හරි මගේ හීනේ සැබෑ වේවි”

Leave a comment

Your email address will not be published. Required fields are marked *