Sat. May 21st, 2022

රුක්ෂානා දිසානායක යනු මෙරට සිටින සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඇගේ පාසල් කාලේ මතක කතා කරන්න අපි ඇයව එකතු කරගන්න හිතුවා. ඔබේ පාසල් කාලය ගැන මතක් කළොත්, මම පුංචි කාලේ ඉඳන් ඩේ කෙයා එකක හැදිලා තියෙන්නේ. මම 5 වසරට එනකම් දඟ වැඩ කරපු ළමයෙක් නෙමෙයි. ඒකට හේතුව ශිෂ්‍යත්වය වෙනකම් අම්මා මගේ පිටිපස්සෙන් හිටපු නිසා. මාව පන්තිය යැව්වේ නැති නිසාම අම්මා තමයි හැමදේම කියලා දුන්නේ. අදටත් මට හොඳට මතකයි අම්මට රචනා ලියන්න කියලා දුන්න විදිහ. ඒ නිසා මම පන්තිය හොඳම රචනා ලියන ළමයා වුනේ මම.

එතකොටම පාසල් කාලේ දඟ වැඩ කලේම නැද්ද, මම පහ වසර නිවුන ළමයෙක් වගේ හිටියට මම 7 වසරේ ඉදන් දග වැඩ කරන්න පටන් ගත්තා. මම ඒ කාලේ දඟ වැඩ වලට තමයි මුල්තැන දුන්නේ. මම පාසලේ ගොඩක් දක්ෂ වුණේ නෙට්බෝල් ක්‍රිඩාවට. නර්තනයත් කළා හැබැයි වැඩිපුරම දක්ෂතා දැක්වුයේ ක්‍රීඩාවට. ක්‍රීඩාවට දක්ෂ නිසාම වැඩිපුරම කළේ පීරියඩ් කට් කරපු එක. ඉගෙන ගන්නවාට වඩා මුල් තැන දුන්නේ ක්‍රීඩාවට.

ඒ කාලේ ඉඳන් දිගටම ඔබ කළේ එතකොට දඟවැඩ විතරද, නෑ මම ඕලෙවල් වෙනකම් විතරයි ක්‍රීඩාව පවා කළේ. මොකද ඊට පස්සේ මම අධ්‍යාපනයට මුල් තැන දුන්නා. ක්‍රිඩාව පවා මගහැරුනා. ඒ ලෙවල් කරද්දි මගේ ලොකුම බලාපොරොත්තුව උනේ කැම්පස් යන එක. මම බොහොම උනන්දුවෙන් ඉගෙනීම් කටයුතු කළා.

ඔබට පාසලේ යාලුවෝ කතා කළේ කොහොමද, මුල් ඉස්කෝලේ යාලුවෝ මට කතා කළේ රුකි කියලා. එතකොට දේවි බාලිකා විද්‍යාලයේ අය මට කිව්වේ ඔම්ලට් කියලා. ඒකට ලොකුම හේතුව වුනේ මගේ මූණ රවුම් නිසා. ඒ රවුම් මුහුණේ ගොඩක් කුරුලෑ තිබුණා. ඒ නිසාම ගොඩක් අය මට ඒ නම කියලා තමා කතා කළේ.

ඔබට පාසල් ප්‍රේමයක් තිබිලා නැද්ද, මොකද නැත්තෙ මටත් පාසල් ප්‍රේමයක් තිබිලා තියෙනවා. ඒ දොළහ වසරේදී. මම එයාව මුලින්ම දැක්කේ ලොජික් පන්තියේ දී. ඉතින් මම හරි උනන්දුවකින් තමයි ඒ කාලේ ලොජික් පන්තියට ගියේ. මම ජීවිතේට ඒ ක්ලාස් එක මිස් කරගත්තේ නෑ. අපි දෙන්නම අපේ අධ්‍යාපන කටයුතුවලට උදව් කරගත්තා. ඔහු නීති විද්‍යාලයට සමත් වීමත් සමග අපේ සම්බන්ධය නතර වුණා. මමත් නීති ප්‍රවේශ විභාගය ලීවත් මම අසමත් වුණා. කොහොමහරි ඒ විදිහට පාසල් ප්‍රේමය ඉවර වුණා අපේ.

පාසල් කාලය ගැන මොකද හිතෙන්නේ, මම හිතන්නේ අපි කොයි කවුරු කොහොම කොයි තැනක හිටියත් අපේ මුල් අඩිය වැටෙන්නේ ඉස්කෝලෙන් කියලා. අපි මොන අංශයක නිරත වුනත් අපිට උගත්කම කියන දේ තියෙන්න ඕන. පාසල කියන්නේ අපේ ජීවිතයේ දෙවැනි අම්මා කිව්වොත් හරි. මම නම් මගේ ජීවිතේ මගේ අම්මලා දෙන්නටම ණයයි. අදටත් පාසල් ලඟින් යද්දි මගේ ඇස් දෙකට කඳුළු එනවා. ඇත්තටම ආපහු ඒ කාලෙට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. කාලය ගොඩක් දේවල් වෙනස් කළත් සමහර මතකයන් හරිම ලස්සනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *