Sat. May 21st, 2022

ගොඩක් සුන්දර වගේම හැඩකාර දඟකාර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියන්නේ. මේ දිනවල විශාෂණය වන ‘ලංවී’ ටෙලිනාට්‍ය හරහා ඇය ඔබේ ආලින්දයට පැමිණෙනවා. ඉතින් අපි හිතුවා හර්ෂි එක්ක ටිකක් කතා කරන්න. හර්ෂි අපුර්වා ගැන ටිකක් විස්තර කියන්නකෝ ‘අපුර්වා කියන්නේ සින්දු කියන්න ගොඩක් කැමති ජනප්‍රිය ගායිකාවක් වෙන්න හීන දකින ඒ හීනෙට යන්න කැමති තරුණ ගැහැණු ළමයෙක්. ඒ චරිතය මෙගේ ඇත්ත ජීවිතේට සමානයි මොකද මමත් පොඩි කාලේ ආස කලේ ගායිකාවක් වෙන්න’

හර්ශිට ගොඩක්ම ලැබෙන්නේ අහිංසක ගැමි චරිත නේද ”ඔව් මම කාලයක් ඒ වගේ චරිත වලට කොටුවෙලා හිටියා, හැබැයි දැන්නම් ලැබෙන චරිත වෙනස්. දැන් ටිකක් කටකාර චරිත ලැබෙනවා. ඒ වගේම සමහර චරිත කලින් ලැබුන චරිත වලට වඩා සෑහෙන්න වෙනස්”

කළා ලෝකයේ ඉදිරි ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ”ඇත්තම කියනවනම් ගෙදරින් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. මම පොඩි කාලේ ඉඳන්ම මේ ක්ෂේත්‍රයේ හිටපු නිසා ඉස්කෝලේ වැඩ අතපසුවෙද්දී මගේ අයියයි අක්කයි දෙන්නා ඒ දේවල් කරගන්න ලොකු සහයෝගයක් දුන්නා. අම්මයි තාත්තයි මට ලොකු ශක්තියක් වුනා. ඇත්තම කියනවනම් මගේ මුළු පවුලම එකතුවෙලා තමයි මාව නිලියක් කලේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *