Sat. Jun 25th, 2022

ලාංකේය කළා ලෝකය වර්ණවත් කරපු ප්‍රවීණ කළා කාරිනියක් තමයි නෙතලි නානායක්කාර මහත්මිය කියන්නේ. විවිද කළා නිර්මාණ රහරහා රසික හදවත් පිනවූ ඇය මේ වනවිට හෙමොගේම ආදරේ දිනාගන්න සමත්වෙලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඇය සමග. නෙතලි මහත්මිය ඔබගේ ළමා කාලය සහ පවුලේ විස්තර ටිකක් කතා කරමුද ? ”මගේ ළමා කාලය වැඩිපුර ගෙවුනේ කිරිබත්ගොඩ. මම ඉපදුනෙත් එහේම තමයි. අපේ පවුලේ හතරවෙනියා මම. මට බාල මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවා. මගේ තාත්තා පුද්ගලික ආයතනයක හොඳ රැකියාවක් කළා අම්මා නම් රැකියාවක් කලේ නෑ.”

ඔබතුමිය කලාවට සම්බන්ද වුනේ කොහොමද ”මම පාසලේ යනකාලේම තමයි මුලින්ම ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නේ, ගුවන්විදුලියට මුලින්ම අඩිය තිබ්බේ 1955දී. ඒ කාලෙදී ගුවන්විදුලියට ආදුනිකයන් ගන්නවා කියලා දැන්වීමක් දැකලා තමයි මම සම්බන්ද වුනේ. පාසලේදීත් කලාවට සම්බන්ද වෙන නිසා මම ටිකක් ජනප්‍රියයි ඒ කාලේ. අපේ ඉස්කෝලේ සර් කෙනෙක් තමයි අර දැන්වීම දැකලා අයදුම් පතක් ගෙනල්ලා එක පුරවලා දුන්නේ. කාලයක් ගියාට පස්සේ මට ටෙලිනාට්‍ය වලට සම්බන්ද වෙන්න අවස්තාවක් ලැබුනා. ඊටපස්සේ දිගටම රස්සාව කරන ගමන් දිගටම ටෙලිනාට්‍ය වලට සම්බන්ද වුනා.”

මේ දිනවල ගෝල්ෆේස් අරගලයට කළා කරුවන් රැසක් සම්බන්ද වෙලා ඉන්නවා ඉතින් මේ අරගල භූමියට නෙතලි නානායක්කාර මහත්මියත් සම්බන්ද වෙලා ඇය එතනදී සිදුකල කතාව මේ වනවිට සමාජ මාද්‍යවල ගින්නක් වගේ පැතිරෙන්න පටන් අරගෙන ඒ කතාවෙන් උපුටාගත් කොටසක් තමයි මේ ”උඹලා බයවෙන්න එපා ඉදිරියටම පලයන් ඔය අපේ රට කෑවා ඉන්න උන්, අවුරුදු 78 මන් වයස ගෑනියෙක් 74ක් තිස්සේ අපිට වෙච්ච දෙයක් නෑ, උඹලට මම දොහොත්මුදුන් දීලා වඳිනවා උඹලා තමයි රට ගොඩගන්න ඉන්න මිනිස්සු, උඹලට රස්සාවක් නෑ, උඹලා දැන් කසාද බඳින වයසේ ඉන්න දරුවෝ, මොකද්ද මේ කරපු අපරාදේ, මුන්ට හෙ*න ග-හානවා කරපු අපරාදෙට, මගේ දුවේ පුතේ බයවෙන්න එපා, ඉදිරියටම යමු මගේ ජීවිතේ පූජා කරන්නත් මම සූදානම් බයවෙන්න එපා අපි ඉදිරියටම යමු පුතේ”