‘මීට කලින් විවාහ වුනානම් තවත් ජොලියේ ඉන්න තිබ්බා’ ජනප්‍රිය නිලි උදයන්ති කියන කතාව

උදයන්ති කුලතුංග කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම සුන්දර රංගන ශිල්පිනියක්. පුංචි තිරය තුළ කාගේත් ආදරය දිනාගන්න ඇය වැඩිපුර දකින්න නොලැබුණත් සම්බන්ධ වෙන චරිතයට උපරිම සාධාරණත්වය ඉෂ්ට කරන රංගන ශිල්පිනියක්. ඉතින් අද අපි සූදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්නයි. උදයන්ති විවාහ ජීවිතයට ඇතුල් වෙන්නේ මෑතකදී, ඉතින් කොහොමද අලුත් ජීවිතේ, ”මම හිතන්නේ මගේ ජීවිතේට අලුත් වටිනාකමක් එකතු වුණා කියලා මගේ විවාහයත් එක්ක. අපිට ජීවිතයේ ජීවිතයේ ඉස්සරහට ඉස්සරහට යන්න අනිවාරෙන්ම සහකරුවෙක් ඉන්නම ඕන. මම නම් දැන් හිතුවටත් වැඩිය ජීවිතේ සතුටින් ගත කරනවා. මගේ සැමියා නීතිඥවරයෙක්. ජීවිතය ගැන හොඳ අවබෝධයකින් තමයි එයා වැඩ කරන්නේ. එයාගේ පවුලේ අයත් නීතීඥවරු.”

සැමියට හිත ගියපු හේතුව ගැන කතා කළොත්, ”ඇත්තටම එයාට හිත යන්න කලින් අපි හොඳ යාළුවෝ. එයාගේ වෘත්තිය නිසා නෙමෙයි මම එයාට කැමැති වුණේ, මට වඩා මනුස්සයෝ ගැන තේරුම් ගන්න එයාට පුළුවන් .ඉතින් මම හිතුවා එයාට මගේ ජීවිතේ සාර්ථක කරන්න පුළුවන් වෙයි කියලා. මම වුණත් හැමදේම විවෘතව කතා කරන කෙනෙක්.”

ඔබට විවාහ ජීවිතය රහයිද, ”මට නම් විවාහ ජීවිතය හරිම රසයි. කාලයක් මම ජීවත් වුණා විවාහ වෙන්නේ වෙන්නෙ නෑ කියන තැන ඉඳලා. හැබැයි මම විවාහ වුණාට පස්සේ මට හිතුනා අනේ මීට කලින් විවාහ උනානම් ජොලියේ ඉන්න තිබුන නේද කියලා. හරිම කෙනා හම්බ වුනහම විවාහ වෙන්න ඕනේ කියලා මම නම් කාට වුනත් කියනවා. කොහොම වුනත් අද මම ගොඩක් සතුටෙන් ඉන්නේ”

ඔබ රංගන කටයුතු වල නියැලෙනවට සැමියා කැමතිද, ”මම රඟපානවට එයා අකමැති නැහැ. හැබැයි වඩාත් කාර්යබහුල වෙලා රංගනයට සම්බන්ධ වෙනවට නම් කැමති නැහැ. මම නැතුව ඉන්න කැමැති කෙනෙක් නෙවෙයි. දෙන්නට දෙන්න හොඳ තේරුම් ගැනීමකින් ජීවිත ඉස්සරහට යන්න ඕන. මම කොහොමත් කොළඹ අවට තමයි ෂූටිං තෝරගන්නේ. මොකද එතකොට හවසට ගෙදර එන්න පුළුවන්.”

ඔබ විවාහය කියන දේ දකින්නේ කොහොමද, ”විවාහය කියන දේ බරක් විදිහට අරගෙන නැහැ ජීවිතය තුළ. අපි විවාහ වෙන්න කලින් හිටපු විදියටම ජීවත් වෙනවා. හරියට ආදරේ කරන කෙනෙක් නම් විවාහ වුණා කියලා ආදරේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. අදටත් මං එයාව දකින්නේ මගේ පෙම්වතා විදිහට. ඉතින් ඒ නිසාම මම හිතනවා අපි ජීවිතය සතුටින් ගත කරනවා,”

Leave a comment

Your email address will not be published. Required fields are marked *