මීගමුව කියන්නේ ඉතින් හැපනින් තමා – ආදරණීය බිරිඳ එක්ක දිනේෂ් දසුන් බලන්න ගිහින්

ගායන ශිල්පියෙක් විදියට කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉඳලා පසුව රංගන ශිල්පියෙක් ලෙසත් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුන දක්ෂ ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ, දිනේෂ් ගායනාකල හැම ගීතයක්ම ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා, ඉතින් අද අපේ කතාබහට එකතුකරගන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන ගායන ශිල්පියෙක් වගේම ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පියෙක් වන දිනේෂ් තරංග සමගයි,

දිනේෂ් දැන් රංගන ශිල්පියෙක් විදියටත් හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපිට කියන්නකෝ ඒ අත්දැකීම ගැන..? ”ඇත්තම කියනවනම් මේක මගේ ජීවිතේ සැබෑ වෙච්ච සිහිනයක්, මගේ ලොකු ආසාවක් තිබ්බා රංගන ශිල්පියෙක් වෙන්න, ඉතින් ඒ අත්දැකීම පුංචි තරයට සම්බන්ද වෙලා ලබාගන්න මට පුළුවන් වුනා, හැබැයි පලවෙනි නිර්මාණයෙන් මට ලොකු දෙයක් කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ, පස්සේ මට දිගටම රංගනයට ආරාධනා ලැබුනා, ඒ නිර්මාණ එක්ක අද මට රංගනයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, ගොඩක් සතුටුයි ඒ ගැන,”

රංගනය නිසා ගායන ශිල්පියා යට හිගින් රංගන ශිල්පියා විතරක් අපිට දකින්න ලැබෙයිද..? අම්මෝ නැහැ මොකද මගේ ආදරණීය බිරිඳ කියන්නෙත් නළුවෙක් වෙලා රඟපෑවට කමක් නෑ හැබැයි ගීත ගායනය කීයටවත් නතර කරන්න එපා කියලා, එයා එහෙම කියන්න හේතුව තමයි හැමෝම මාව අඳුර ගත්තේ ගායනය හරහා නේ, ඒ නිසා මියයන තුරාවට සංගීතය නතරකරන්න එපා කියලයි ඇය කියන්නේ, මම ගායනය වගේම රංගනයත් සමබරව කරගෙන යනවා”

දිනේෂ් කියන්නේ නිතරම සමාජ ජාලා හරහා කතාබහට ලක්වෙන චරිතයක්, ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ඔබගේ විවාහය, ඇත්තටම දිනේෂ්ට ඒ ගැන මොකද හිතෙන්නේ, ”ඔය ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕන මොකද මටත් වඩා මගේ විවාහය ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ සමාජයේ මිනිස්සු, මගේ බිරිඳ මට වඩා අවුරුදු 09ක් වැඩිමල්, හැබැයි මට ඒක අදාළ නෑ, වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලයි මම හිතන්නේ, ආදරය කියන්නේ ඕනෑම කෙනෙක්ට දැනෙන දෙයක් ඒකට වයස අදාළ වෙන්නේ නෑ, අපේ ආදරේට කවුරු මොනවා කිවුවත් මම ඒ ගැන හිතන්නේ නෑ, මට මගේ බිරිඳව කවදාවත් එපා වෙන්නේ නැහැ. මම කිසිම හේතුවක් මත ඇයව නැතිකරගන්නෙත් නෑ,”

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දිනේෂ් පසුගිය දවසක හරි අපූරු සටහක් එක්ක අපූරු පින්තූරයක් සමාජ ජාලාවලට කතු කරලා තිබ්බා, ඒ සටහන තමයි මේ ”මීගමුව කියන්නේ ඉතින් කොහොමත් ඉතින් හැපනිංනෙ. මීගමුවෙනෙ. ඉතින් මේ නිහතමානී දක්ෂයා මගේ පාසලේ මගෙ සහොදරයා. එදත් අදත් කිසිම වෙනසක් නැති නිහතමානී අපේ එකා. මීගමුවට, රටට අරන් ආවේ ආඩම්බරයක් විතරමයි. දසුන් දසුන් ශානක, මල්ලී. අපි ආදරෙයි! සතුටු වෙන්න ගොඩක් හේතු නැති ජාතියක් විදියට ඉන්න අපිව උපරිමයෙන් සනසපු ඒ හැම තත්පරේකටම අපි ඔයාලට ණයයි. මොකද කෙනෙකුට හිනාවක්, සතුටක් අරන් එන්න හැමෝටම බෑ. ඉදිරිය වඩවඩා සුභම වේවා Chewanthi Perera නංගිවත් ගෞරවයෙන් මතක් කරනවා. ස්තූතියි කියනවා අපේ දස්සව ආදරෙන් බලාගන්නවට!” ඉතින් මේ සටහනට දිනේෂ් තරංගගේ වගේම දසුන් ශානකගේත් ආදරණීය රසිකයින් ගොඩක් හොඳ ප්‍රතිචාර ලබාදීලා තිබ්බා”

Related Posts

Leave a Reply

Your email address will not be published.