මිනිසුන් සියල්ලටම ඊර්ෂ්‍යා කරනු ඇත – හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න සාරංගට කවුද මේ ඊර්ෂ්‍යා කරන්නේ

සාරංග දිසාසේකර කියන්නේ අපේ කළා ලෝකයේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක්, ඒ වගේම තමයි ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබාගන්න සමත්වුණ කඩවසම් තරුණයෙක්. 983 ජනවාරි 31වන දින මෙලොව එලිය දැකපු සාරංග මේ වනවිට 39වන වියෙහි පසුවෙනවා. සාරංග සිය අධ්‍යාපනය හදාරන්නේ තර්ස්ටන් විදුහලෙන්. කුඩා කාලයේ ඉඳලම කලාවට සම්බන්ද සාරංග දිසාසේකර රංගනයට සම්බන්ද වන්නේ ඔහුට වයස අවුරුදු 19යෙදී ඒ මාරනා සමප්තිය නම් කෙටි චිත්‍රපටය හරහා.

කොහොම වුනත් මේ වනවිට සාරංග ටෙලිනාට්‍ය නළුවකු, ගායකයෙකු, නිරූපණ ශිල්පියකු වගේම නිවේදකයෙක් සහ සිනමාපට රංගන ශිල්පියෙකු ලෙසත් ප්‍රේක්ෂක ආදරය දිනාගන්න සමත් වෙනවා. සාරංග පිලිබඳ ලාංකේය රසිකයන්ගේ අවදානය වැඩිපුරම යොමු වුනේ ඔහුගේ දික්කසාදය සමගයි, සාරංග මුලින් විවාහ වෙලා හිටියේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උමාලි තිකලරත්න සමග කොහොම වුනත් ඔහුගේ එම විවාහය සාර්ථක වෙන්නේ නෑ, පුද්ගලික හේතුන් හිහිපයක් මත ඔවුන් දික්කසාද වෙන්න තීරය කරනවා.

උමාලිගෙන් වෙන්වුන සාරංග කාලයක් තනිකඩව ඉඳලා නැවතත් විවාහ වෙනවා. සාරංග දෙවන වරට විවාහ වෙන්නේ ජනප්‍රිය කළා පවුලක ආදරණීය දියණියක වන දිනක්ෂි ප්‍රියසාද් සමග. ඒ වගේම මේ වනවිට ඒ දෙපලට ආදරණීය දියණියක සිටිනවා, ඉතින් මේ විදියට ආදරේ දිනාගෙන ඉන්න සාරංග පසුගිය දවසක අපූරු සටහනක් ඔහුගේ මුහුනුපොතේ ශෙයා කරලා තිබ්බ ඒ සටහන තමයි “මිනිසුන් සියල්ලටම ඊර්ෂ්‍යා කරනු ඇතමරණයට පමණක් හැර. ඔබ ඔබේ ගමන් මඟ වෙනස් නොකරන්නහුදෙක් ඊර්ෂ්‍යාකාර මිනිසුන් අතළොස්සක් නිසාවෙන්.” කියලා. ඉතින් සාරංග තැබු මේ සටහන ගැන ඔබට හිතෙන්නේ කුමක්ද?

Related Posts

Leave a Reply

Your email address will not be published.