Sat. May 21st, 2022

නිරූපණ ශිල්පිනියක් විදියට කලාවට එකතු වෙන ඇය මේ වන විට අපූරු නිවේදිකාවක්. ඇය මේ වන විට ආදරණීය මවක් ද වෙනවා. නමින් ඇය නර්මධා යාපා, ඇය වරක් ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළට ද හිමිකම් කීවා. ඒ නිසාම බොහෝ දෙනෙක් ඇය දන්න අදුනන චරිතයක් වුණා. ඇය රුවින් අග තැන්පත් චරිතයක් විදියට ද අපිට හඳුන්වන්න පුළුවන්. ඇය තනි වූ ගැහැනියක් විදිහට මවකගේ යුතුකම් දරුවන්ට නොපිරිහෙලා ඉටු කරනවා.

තනිවුන කාන්තාවන් හැමවිටම අසරණයි කියලා තමා පිරිමි ගොඩක් හිතන්නේ. ඔබ ඒ කාරණාව තහවුරු කරනවා ද,මම නම් එහෙම හිතන්නේ නැහැ. මොකද ගැහැනියක් වුණත් ආර්ථිකමය අතින් ශක්තිමත් වෙන්න ඕන. ඒ නිසාමයි ඇය හොඳ රස්සාවක් කරන්න ඕන. තමන්ගේ ජීවිතේ තමන්ට හොඳ ස්ථාවරත්වයක් තියෙනවා නම් මම හිතන්නේ නැහැ කාටවත් ඔලුව පාත් කරමින් ජීවත් වෙන්න ඕන කියලා.

පසුගිය දිනක නර්මදා අපූරු සටහනක් ඇගේ ඉන්ස්ට්‍රග්‍රෑම් තියෙනවා තුල පලකරලා තිබුනා. ඒ සටහන, ”මිනිස්සු මං ගැන මොනව හිතුවත් මට කමක් නැහැ. දවස අවසානයේ හැමවිටම මම බැබලෙනවා. ඒ නිසාම බොහෝ මිනිසුන් මාව ඉරා දැමීමට උත්සහ කරනවා. නමුත් මම මේ විදිහට ඉන්නවා. මම හැමවෙලේම මම වෙලා ඉන්නවා. ළමයි දෙන්නත් එක්ක මා කොයිතරම් වෙහෙස මහන්සි වී වැඩ කරනවද යන්න දන්නෙ මං පමණයි. යනුවෙන්.” ජීවිතයේ ඇයට හැම අභියෝගයකටම තනියම මුහුණදීමට හැකි බවයි හැම වරකම ඇය පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *