මැෂින් වලින් හුස්ම ගන්න ජැක්ෂන්ට ඉක්මන් සුව පතා බිරිඳ කැළණි පන්සල් ගිහින්

කළා ලෝකයේ රජු විදියට කිරුළු පැළඳ ඉන්න ධක්ෂයින් අතර අති ධක්ෂ කළා කරුවෙක් තමයි ජැක්ෂන් ඇන්තනී කියන්නේ, හැමෝම. කළා ලෝකය තුල ජැක්සන් ඇන්තනී කියන නම භාවිතා වුනත් ඔහුගේ සම්පුර්ණ නම කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි, වේදිකාවට, සිනමාවට විතරක් නෙවෙයි ජැක්ෂන් ඇන්තනී නිවේධනයට වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නත් ගොඩක්ම දක්ෂයි, ඒ වගේම තමයි ජැක්ෂන් ලංකාවේ හොඳම නළුවාට හිමි සම්මානය දහසය වතාවක්ම දිනාගන්න සමත්වෙනවා, රංගන ශිල්පියෙකු විදියට වගේම පසුව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක වැනි සෑම අංශයකින්ම කලාවට අගනා සේවයක් ඉටුකරපු චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්,

ඔහු 1958 ජූලි 8 වන දින රාගම පොඩිවීකුඹුර ග්‍රාමයේ උපත ලැබූ ජැක්ෂන් ඇන්තනී විවාහ වෙන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක සමග ඇය තමයි කුමාරි සඳලතා මුණසිංහ, ඒ වගේම මේ ආදරණීය යුවලට පිරිමි දරුවන් දෙදෙනෙක් සහ එක ගැහැණු දරුවකු සිටිනවා, කලාව පිලිබඳ හසල දැනුමක් තියෙන ජැක්ෂන් ඇන්තනී වරක් අපේ රටේ වර්ථමාන සිනමාව පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක්

”ලංකාවේ සිනමාව වගේම රංගන ඉතාම ඉහලම මට්ටමක තියෙනවා, එදා අපි දැකපු උසස් රංගධරන් සමග සැසඳුවොත් විශාල අසාර්ථක පිරිසක් මද ඉතාම සාර්ථක සුළු පිරිසක් ඉන්නවා, හැබැයි අද එදාට වඩා සෑහෙන පිරිසක් ඉන්නවා, ඒක තමයි අපිට තියෙන එකම සන්තෝෂය, ඒ නිසා අපේ සිනමාව කඩා වැටිලා කියලා කියන්න බෑ, අද හොඳ නළු නිලියන් වගේම ඉතාම සබුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා, හැබැයි අපේ කලාවට ධක්ෂ නිළියන්ගේ උග්‍ර හිඟයක් තියෙනවා” කියලයි,

කොහොම වුනත් අපි හැමෝම ආදරේ කරන මේ රන්ඝධරයා මේ වනවිට ඉන්නේ රෝහල්ගතව, අපි කල සොයාබැලීමකදී දැනගන්න ලැබුනේ ජැක්ෂන් ඇන්තනී මහත්මයාට තාම කිසිම සුවයක් නෑ කියලයි, ඒ වගේම මේ වනවිට ජැක්ෂන් ඇන්තනී මහත්මයා ශ්වසන උපකරණ ආධාරයෙන් තමයි පසුවෙන්නේ, ඉතින් පසුගිය දවසක ජැක්ෂන් ඇන්තනී මහත්මයාගේ වැඩිමල් පුතු අකිල ඔහුගේ මවගේ පින්තුරයක් සමාජ ජාලා වලට එකතු කරලා තිබ්බා, ඒ කැලණිය විහාරයේ වැඳගෙන සිටින පින්තුරයක්, ඉතින් රෝහල් ගතව ඉන්න සැමියාගේ සුවය ප්‍රාර්ථනා කරන ඇය ගේ ප්‍රාර්ථනා ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා පි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,

Related Posts

Leave a Reply

Your email address will not be published.