මාළුන්ට සීතල නිසා මම මාළු ටැංකියට හීටරේ ගැහුවා – ශනුද්‍රිගේ පෙම්වතා දිනේෂ් ගමගේ

මේ වෙනවිට ලංකාවේ තරුණ තරුණියන් අතරේ වැඩිම ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න කඩවසම් ගයන ශිල්පියෙක් තමයි දිනේෂ් ගමගේ කියන්නේ, සංගීතය ගැන මනා හැදෑරීමක් කරලා සංගීත ක්‍ෂේත්‍රයට පිවිසුන ගායකයෙක් විදියට දිනේෂ්ව හඳුන්වන්න පුළුවන්, ඒ වගේම මෙතෙක් ඔහු ගායනා කල ගීත සියල්ලම ලකාවේ අංක එකට ජනප්‍රිය වුනා, ඉතින් අද අපි අපේ කතා බහට එකතු කරගන්න සූදානම් වෙන්නේ ඔබෙත් මගෙත් ආදරය දිනාගෙන ඉන්න දක්ෂ ගායකයෙක් වන දිනේෂ් ගමගේවයි,

ඉතින් දිනේෂ් කියන්නකෝ ඔයා කොහොමද මේ සංගීත ක්‍ෂේත්‍රයට ආවේ ”මම උසස්පෙළ ඉවරවුනාට පස්සේ ඊළඟට මොකද කරන්නේ කියලා අයිඩියා එකක් නැතුව හිටියේ, මම කාලයක් රට යන්න ට්‍රයි කළා, ඒ වගේම මට මියුසික් කරන්න ආසාවක් තිබ්බා, ඉතින් එහෙම ඉද්දී ලහිරු පෙරේරා අයියයි මනුරංග අයියයි දවසක් ටීවී එකට ඇවිත් කිවුවා, ඕඩියෝ ඉන්ජිනියරින්ග් ඉගන ගන්න ආස අයට උගන්වන ආයතනයක් පටන් ගත්තා, කැමති අය අයදුම් කරන්න කියලා, ඉතින් මම නුවරඑළියේ ඉඳන් කොළඹ ඒ වෙනුවෙන්”

දිනේෂ්ගේ නිර්මාණ ගොඩක් හින්දුස්තානී සංගීතයට නැඹුරුයි නේද ඇයි ඒ ”මෙහෙමයි මම පොඩි කාලේ ඉඳලම හැදුනේ වැඩුනේ නුවරඑළියේ, මම සෙල්ලම්කලේ මම ආශ්‍රයකලේ දෙමල යාළුවො, අදටත් මට වැඩියෙන්ම ඉන්නේ දෙමල යාළුවො, පොඩි කාලේ ඉඳලම මට ඇහුනේ දෙමල ගීත, ඉතින් ඒ ආභාෂය මගේ ගීතවල තියෙනවා, දෙමල ගීත ගායනා කරලා ලෝකයේම දෙමල ගීත රසිකයින් අතර ජනප්‍රිය වෙන එක තමයි මගේ හීනය”

පොඩිකාලේ අයියා එක්ක කරපු දඟවැඩ ගැන දිනේෂ් පසුගිය කාලයේ ගොඩක් කතා වුනා, මොකද්ද ඒ දඟ වැඩ කියන්නකෝ බලන්න අපිටත් දැනගන්න, ”අම්මෝ දඟ වැඩනම් ගොඩක් තියෙනවා, අයියගේ තමයි අයිඩියා මම කරන්නේ උදවු කරන එක විතරයි, ඉරිදා අම්මයි තාත්තයි මාකට් යනවා බදු ගේන්න, සීතල මාසේ අපි නාන්නේ උනුවතුවෙන් ඉතින් දවසක් එහෙම ඉද්දී අපි හිතුවා මාළු ටැංකියේ ඉන්න මාළුන්ට සීතලයි කියලා, ඉතින් අපි මාළු ටැංකියට හීටර් එක ගැහුවා, වතුර රත්වෙලා මාළු ටික නැතිවුනා, අම්මෝ ඒ වගේ ඒ කාලේ දඟ වැඩ ගොඩක් කළා අපි”

Related Posts

Leave a Reply

Your email address will not be published.