‘මාව සප්‍රයිස් කරන්න ආපු විනූ ගිහින් තියෙන්නේ වෙන ගෙදරකට’ ජනප්‍රිය නිලි රශිප්‍රභා කියන කතාව

රශිප්‍රභා සන්දිපනි කියන යොවුන් පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. දක්ෂතාවය මෙන්ම ඇගේ රුවද ඉතා අපූරුයි .1994 උපත ලබන ඇය පුංචි තිරය තුළ ප්‍රේක්ෂකයන්ගේ ආදරය වැඩිපුර ලබන රංගන ශිල්පිනියක්. ඉතින් අද අපි සූදානම් වෙන්නේ ඇය සමග කතා කරන්නයි. ඇගේ උපන් දිනේ ද ළඟ ළඟම එන බවයි ඇය අපට පවසා සිටියේ. එනිසාම ඇගේ උපන්දිනය සමගාමීව කතා කරන්න අපි හිතුවා.

ඔබ සාමාන්‍යයෙන් දෙසැම්බර් 27 වැනි දා ඒ කියන්නේ ඔබේ උපන් දිනය දවසට මොකද කරන්නේ, ”මම ලොකුවට සාද ගන්න කෙනෙක් නෙවෙයි. පවුලේ අයත් එක්ක එකතුවෙලා පොඩි පොඩි දේවල් ටිකක් කරනවා. මම පුංචි කාලේ මගේ පළවෙනි උපන්දිනේ ඡායාරූප අදටත් දකිනවා. ඒ කාලේ මම හරි දඟයිලු. මගේ ගෙදර ඉන්නේ අම්මා තාත්තා මල්ලි මම නිසා අපි හතර දෙනා එකතුවෙලා පුංචිවට මගේ උපන්දිනය සමරනවා. සමහර වෙලාවට පුංචි පුංචි සප්‍රයිස් පවා ලැබෙනවා. කොහොමත් හිත සතුටු වෙන දේවල් ඒ දවසට මට ලැබෙනවා. දානමය පින්කමක් කරන්නත් අමතක කරන්නේ නැහැ. මොකද ඒකෙන් හිතට ලොකු නිදහසක් ලැබෙනවා.”

කේෂ්ත්‍රය තුළ ඔබට අමතක නොවන සප්‍රයිස් දීලා තියනවද, ”ගොඩක් වෙලාවට මම අනිත් අය සප්‍රයිස් කරන කෙනෙක්. ඒ නිසාම සප්‍රයිස් මටත් ලැබෙනවා. එක උපන්දිනයක් දවසක මම එසයිමන්ට් එකට යට වෙලා හිටියේ. මොකද එදා තමයි එසයිමන් එක සබ්මිට් කරන්න තිබුන දවස. එදා විනු මගේ තව යාලුවෙකුත් එක්ක බර්ත්ඩේ කේක් එකක් අරගෙන මාව සප්‍රයිස් කරන්න ආවා. එදා හොඳම සිදුවීම කියන්නේ විනු අපේ ගෙදර කියල වෙන ගෙදරකට ගිහින් තියෙන්නේ. මොකද එයාලට ගෙවල් පැටලිලා. ඔය වගේ සුන්දර මතකත් තියෙනවා.”

උපන්දිනයක් එනවා කියද්දි ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද, ”කාලය කියන දේ අපි කාටත් නොදැනීම ගෙවිලා යනවා.මටනම් උපන්දිනයක් එනවා කියලා දැනෙද්දි දැනෙන්නෙ ලොකු දුකක්. මොකද දවසින් දවස අපේ කාලෙ ගෙවිල යනවා. අපිට ඒක නතර කරන්න බැහැ. මම දැන් හිතන්නේ වයසට යනවා කියන්නේ ඉලක්කමක් විතරයි කියලා.සමහර සිදුවීම් මතක් වෙද්දි වයස නෑ නේද කියලත් හිතෙනවා. ඇත්තටම මම වයස ගැන හිතන්නේ නැහැ .

අම්මා තාත්තා ඔබට ලකි බේබි කියලා නේද කියන්නේ, ”ඔව් මගේ ලස්සනට ඩිම්පල් එකක් තිබිලා තියෙනවා. ඒ නිසා මට ලකි බේබි කියලා තමයි කියලා. මම ඉපදුන දවසේ අම්මා තාත්තා ගොඩක් සතුටු වුනා කියලා එයාලා මාත් එක්ක කියලා තියෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *