මාව වෙහෙසට පත්කරවලා ලබා ගන්නවට මම ගොඩක් ආසයි – ජනප්‍රිය නිලි හිමාලි සයුරංගි

චරිතාංග රංගන ශිල්පිනියක් විදියට හැමෝගෙම ආදරේ දිනාගත්ත රංගන ශිල්පිනියක් තමයි හිමාලි සයුරංගි කියන්නේ, කාලයක් කළා ලෝකයේ විවිද චරිත හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත ඇය මේ වනවිට වැඩිම ජනප්‍රියත්වයක් හිමිකරගෙන තියෙන්නේ දෙවෙනි ඉනිම නාට්‍යයේ උදේනි අම්මාගේ චරිතය හරහායි ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ හිමාලි එක්ක ටිකක් කතා කරන්න ඉතින් හිමාලි කොහොමද ජීවිතේ මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් බාරගත්ත නිර්මාණවලට රංගන දායකත්වය ලබා දෙනවා, ඒ වගේම තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා ඒවා ගැනත් බලන්න ඕන, වෙන විශේෂ වැඩක් නෑ ගෙදර වැඩ තමා”

අද කොහොමද ඔබව පිළිගන්නේ සමාජය විසින් ”මෙහෙමයි මෙතෙක් කල් මට මොන චරිතය ලැබුනත් මම ඒ චරිතය උපරිම කළා මම චරිතයක් වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියලා අධ්‍යක්ෂකවරු ගොඩක් දන්නවා, මම මට ලැබෙන චරිතය සියයට සියයක්ම හදාරනවා, ඒ නිසා තමයි අද මට ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ, මම නිතරම තෝරාගන්නේ මගේ රංගනය හොඳින් උකහා ගන්න පුළුවන් අධ්‍යක්‍ෂකවරයෙක්, මගේ ඇඟ ඇතුලේ තියෙන රංගන හැකියාව මාව වෙහෙසට පත්කරවලා හරි ලබාගන්නවාට මම ගොඩක් ආසයි”

අපි දැකලා තියෙනවා හිමාලිට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් ඉතින් ගීතයක් කරන්න හිතුවේ නැද්ද ”මෙහෙමයි මට රංගනය නිවේදයන ලිවීම ගායනය කියන හැම අංශයක්ම පුළුවන් හැබැයි මම නිවෙධනයට සහ රංගනයට බය නෑ, ඒත් මම අනිත් අංශවල වැඩිය නිරතවෙලා නෑ, හැබැයි පිටරට ප්‍රසංග වලට ගියාම නර්තනයේ යෙදෙනවා, කාලෙකට කලින් මම ‘මා නොවන මම’ කියන වැඩ සටහනට සම්බන්ද වුනාට පස්සේ මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා, හැබැයි මට ගායනය පැත්තෙන් ලොකු ගමනක් යන්න ඕන කියලා හීනයක් නෑ,”

Related Posts

Leave a Reply

Your email address will not be published.