Tue. May 17th, 2022

ඇය මෝස්තර නිරූපිකාවක්. රූපලාවණ්‍යාගාරයක හිමිකාරියක්. විශේෂයෙන්ම ඇය සරාගී රංගන ශිල්පිනියක්. තිත්ත ඇත්ත චිත්‍රපටියේ ප්‍රධාන චරිතය. මොනාලිසා චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය රඟපාන්න ඇයට අවස්ථාව ලැබෙනවා. නමින් ඇය මධුෂානි වික්‍රමසිංහ. ඔබ රංගනයට එද්දි ඔබට අයුතු යෝජනා වගේ දේවල් එල්ල වුණාද, අයුතු යෝජනා බලපෑම් මේ ෆීල්ඩ් එකේ විතරක් එන ඒවා නෙවෙයි. මේ ෆීල්ඩ් එකෙත් එහෙම ඒවා එනවා. එහෙම ආවට මම ඒවා පිළිගන්නේ නැහැ. මම ඒ ගැන හිතන්නෙත් නැහැ. මට එහෙම යෝජනා ආවා නම් මම කවදාවත් මේ ෆීල්ඩ් එකේ ඉන්න එකක් නැහැ. අනික එහෙම ආවත් මම ඒ දේවල් වලට මූණ දෙන්න දන්නවා.

රූපලාවණ්‍ය ශිල්පිනියක් නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වෙන ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද, මම විවිධ අය සමග විවිධ කටයුතු කරනවා. ඉතින් මට විවිධ අය මුණගැහෙනවා. විවිධ ප්‍රතිචාර ලැබෙනවා. හොඳ නරක දෙකම තියෙනවා ඉතින්. කොහොම වුණත්නත් මේ වෙනකම් මට කටකතාවක් නම් හැදිලා නැහැ. ඒ ගැන මම සතුටු වෙනවා. ඒ කියන්නේ ප්‍රේක්ෂකයින් මම හඳුනගෙන තියෙනවා. මම ගැන ගොසිප් නිර්මාණය වුණත් ඒවා වැරදි විදිහට ප්‍රචාරය වෙලා නැහැ.

ඔබේ ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවාද, මම කැමැත්තෙන් ඉන්නවා සිනමා නිර්මාණවලට වැඩි දායකත්වයක් ලබා දෙන්න. මම ප්‍රධාන චරිතය රඟපෑ මොනාලිසා චිත්‍රපටය මෙන්ම එදත් දිනුම් අදත් දිනුම් චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා. සිනමාවට මේ වසර හොඳ වෙයි කියලා මම හිතනවා. එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු ඔබ ඉහලට ගෙන යන්නම් කියලා ඔබට අයුතු යෝජනා බලපෑම් ගෙනල්ලා නැද්ද, මාව දැක්කම සමහර අයගේ හිත්වල එහෙම ආසාවක් ඇතිවෙනවා ඇති. හැබැයි ඔවුන්ට ඒ වගේ යෝජනාවක් කරන්න බැරි තැනට මම වැඩ කරනවා. ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ මගේ හැසිරීම. අයුතු යෝජනා ආවත් අපි ඒ දේවල් ගණන් ගන්නේ නැතුව අපි අපේ වටිනාකම තියාගෙන ඉන්නව නම් ඒ වගේ අවස්ථා මග හරින්න පුළුවන්.

ඒ වගේ අයට වැඩ අඩු වුනත් නම සවුත්තු නොවී ඉන්න පුළුවන්. මෑත කාලයේදී මම චිත්‍රපටයක් අතඇරියා ඒ වගේ සිද්ධියක් නිසා. මොකද එහෙම නිර්මාණ මට වැඩක් නැහැ. අනික මම වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිනියක් නෙවෙයි. මම රංගනය කරන්නේ ආසාවට. මම රඟපෑවේ නැහැ කියලා මට ජීවත්වෙන්න ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. මම මටම කියලා ආදායම් මාර්ගයක් හදාගෙන ඉවරයි. ඉතින් ඒ නිසා ඒ වගේ යෝජනා වලට මම නැමෙන්නේ නැහැ .

විවිධ අසහනකාරී න් ඔබට දුරකථන ඇමතුම්වලින් කතා කරනවා ඇති නේද, අම්මෝ ඔව් කෝල් වලින් නම් ගොඩක් කරදර කරනවා. මගේ බිස්නස් වැඩ වලට මගේ දුරකථන අංකය ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. සමහරු ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් කියලා පවා කතා කරනවා. මම කවුද කියල දන්න කෙනෙක් නම් මට එහෙම කතා කරන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *