‘මාව ඕන අය මට ඒ ගාන ගෙවනවා’ ජනප්‍රිය නිලි දුශේනි කියන කතාව

දුෂේනි මියුරංගි කියන්නේ නර්ථනයට උපන් දක්ෂතාවයන් පෙන්වු අයෙක්. එහෙත් අද වන විට ඇය බොහෝ දෙනාගේ හදවත දිනාගෙන ඇත්තේ රංගන ශිල්පිනියක් ලෙසට. ඇය අවුරුදු දෙක හමාරක වගේ කාලයක් කලාව තුළ නිහඩ චරිතයක් වුනා. ඒත් නැවත ඇය ප්‍රේක්ෂකයන් අතරේ කතා බහ වෙන චරිතයක් බවට පත් වෙනවා. ඒ ‘පාර දිගේ’ ටෙලිනාට්‍ය හරහා. බොහෝ විට නාට්‍යයක ප්‍රධාන චරිතයට හිමි වෙන්නේ පෙම්වතියකගේ චරිතයක් වෙද්දි බන්ටි චරිතය ඊට හාත් පසින්ම වෙනස්. ඉතින් ඒ වෙනස නිසාම දුෂේනි බන්ටිගේ චරිතයට කැමති වුන බවයි අප හා කියා සිටියේ.

පාර දිගේ බන්ටි කියන්නේ ඇයට අභියෝගාත්මක චරිතයක්. ඒ නිසාම ඒ ගැන අපි ඇයගෙන්ම අහන්න හිතුවා, “ඔව් මේ⁣ චරිතය හරිම වෙනස්. මොකද බන්ටිගේ ඇදුම් පැළදුම් කතා විලාසය ඇවිදින විදිහ මේ සේරම වෙනස්. මට ඒකට හුරු වෙන එකම අභියෝගයක්. හැබැයි මම ඒ අභියෝගය භාරගත්තා. මම ⁣ගොඩක් දේවල් මේ චරිතයට එකතු කරගත්තා. ගොඩක් දේවල් හොයලා බැලුවා.

ඉතින් මම මහන්සි වුන තරමට අද ප්‍රේක්ෂකයන් මට ආදරේ කරනවා. අපි එක පවුලක් වගේ තමා මේ කතාව ඇතුලේ වැඩ කරන්නේ. හැමෝම හැම චරිතයකටම සාධාරණත්වයක් ඉෂ්ඨ කරනවා. මම හිතනවා කාලයක් මම නිහඩ වුනත් මට හොද නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න පුළුවන් වුනා කියලා. ලංකාවේ හිටියේ නැතත් ලංකාවට ආවාට පස්සේ මට මේ ලැබුන චරිතය ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි. කියන්න ඕනි මම ඉන්දියාවට ගියෙත් නිර්මාණ කටයුතු වගයක් සදහාම තමා.”

දුෂේනි කියන්නේ තම හැකියාවට උපරිම වටිනාකමක් දෙන කෙනෙක්. ඒ නිසාම ඇය නිර්මාණ සඳහා ඉල්ලන මිලද වැඩියි. “මාව ඕනිනම් යම් කිසි නිර්මාණයකට ඒකට මම කියන මිල මට දෙන්න ඕන. මම කියන මිල දෙන්න බැරි නිර්මාණ වලින් මම ඈත් වුනා. හැබැයි ම⁣⁣ගේ වටිනාකම දෙන්න පුළුවන් අය මාව නිර්මාණ වලට එකතු කරගත්තා. මගේ වටිනාකම දන්න අය ම⁣ගේ ගාන ගෙවලා ගන්නවා.”

ආදරය ගැනනම් ඇය කිවේ මේ ව⁣ගේ අදහසක් “ආදර යෝජනා ගොඩක් එනවා. හැබැයි මම කැමති මගේ විදිහට ⁣ජිවත් වෙන්න. ඇය දැනට ඇගේ වෘත්තියට සහ ඇයට පමණක් ආදරේ කරන බවයි ඇය අවුරුදු දෙකක පමණ සිට පෙම්වතියක් නොවන බවත් අප සමඟ වැඩිදුරටත් කියා සිටියේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *