මහ රෑ චිරන්තට සමිතා කියපු සුබ ආරංචිය

ලංකාවේ හැමෝම නිතරම කතාවෙන චරිතයක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ, ජනප්‍රිය ගායක අතුල අධිකාරි සමග විවාහ වෙලා හිටපු සමිතා පසුව අතුලගෙන් වෙන් වෙනවා. කාලයක් තමන්ගේ ආදරණීය ළමයි දෙන්නා සමග තනිකඩව හිටපු සමිතා පසුගිය කාලයේ සමාජ ජාලා කළඹවමින් නැවත විවාහ වුනා. ඒ ඇයට වඩා වසර ගණනාවක් බාල තරුණයෙක් සමග. ඔහු චිරන්ත. මේ වනවිට සමිතා සහ චිරන්ත ගොඩක් ආදරයෙන් ජීවත් වෙනවා.

ජාඇල ප්‍රදේශයේ පදිංචි චිරන්ත රත්නපුර, ඇලෝසියස් විද්‍යාලයේ දක්ෂතම ආදි සිසුවෙක්. චිරන්ත සමිතාගේ පෙම්වතා බව පිළිගත්තේ තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහා කියල අපිට ආරංචි වුනේ. නමුත් චිරන්ත මේ සම්බන්දය රහසක් විදියට තියාගත්තා. පසුව ඔහු සමිතා ගැන ටික් ටොක් වීඩියෝ කීපයක් සමගින් ඔහු සමිතාට ආදරය ප්‍රකාශ කළා.

මේ සම්බන්දයට සමිතාගේ දියණිය කාවින්ද්‍යා පැවසුවේ මේ වගේ කතාවක් ” මේ සම්බන්දය ගැන මටයි, මල්ලිටයි ප්‍රශ්නයක් නැත්නම් අනිත් අයට කතා කරන්න අයිතියක් නෑ, සන් මේ සේරම වෙලා ඉවරයි අපි ගොඩක් සතුටින් ඉන්නේ. මගේ අම්මට එයාට ඕනෑම කෙනෙක් එක්ක විවාහ වෙන්න අයිතියක් තියෙනවා,” කියලා.

ඉතින් අපි අද කියන්න හදන්නේ ඒ ආදර කතාව ගැන අලුත් ආරංචියක්, ඒ තමයි අද සමිතාගේ උපන්දිනය. ඉතින් චිරන්ත ඇයට උදේම ලොකු සප්‍රයිස් එකක් දීලා. ඒ විතරක් නෙවෙයි සමිතට තවත් අපූරු ත්‍යාගයක් ලැබිලා ඒ තමයි ඇයගේ යූටියුබ් නාලිකාවේ අනුගාමීකයින් ලක්ෂයේ සීමාව ඉක්මවා යාම. ඉතින් පාන්දර 2ට සමිතා සහ චිරන්ත වීඩියෝවකින් රසිකයන් හැමෝටම මේ සුබ ආරංචිය කිවුවා, මේ ආරන්චිට වැඩිපුරම සතුටු වුනේ චිරන්ත කියලයි අපිට දැනගන්න ලැබුනේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *