මහේන්ද්‍ර සර් මට සලකන්නේ එයාගෙම දරුවෙක්ට වගේ – ප්‍රදීප් රාමවික්‍රම

මේ දවස්වල හැමෝම ගොඩක් ආදරේ කරන වගේම හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍ය, ඉතින් මේ මාට්‍යයේ කාගේත් කතාබහට ලක්වුන චරිතයක් තමයි මනී කියන්නේ, ඉතින් මේ මනී කියන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ කවුද කියලා අපි හොයලා බැලුවා, ඔහු තමයි ප්‍රදීප් රාමවික්‍රම. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ප්‍රදීප් සමග, ප්‍රදීප් කියන්නකෝ බලන්න ඔයාට කොහොමද මනී කියන චරිතය ලැබෙන්නේ.? ”ඇත්තම කියනවනම් මම කාලයක් මහේන්ද්‍ර පෙරේරා ඇක්ටින් ස්ටුඩියෝ එකේ වැඩ කරනවා. මහේන්ද්‍ර සර් තමයි මාව ප්‍රසන්න ජයකොඩිට මුනගස්වන්නේ, ඉතින් එයා මාව ගොඩක් ඉන්ටවිවූ කළා, අතිමෙදී මාව තෝරාගත්තා, මගෙත් එක්ක ගොඩක් දේවල් කතා කළා, එහෙම කරලා තමයි අපි වැඩ පටන් ගත්තේ”

දැන් මනී කියන චරිතය ගොඩක් ජනප්‍රියයි ඉතින් කොහොමද මනීට ලැබෙන ප්‍රතිචාර එහෙම..? ”අනේ මම සාමාන්‍යයෙන් ගොඩක් එලියට යන චරිතයක් නෙවෙයි, මම නිතරම ඉස්කෝලෙක ඇතුලේ එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලය ඇතුලේ කථිකාචාර්යවරයෙක් විදිහටත් වැඩ කරනවා. හැබැයි ඉතින් ප්‍රතිචාර නැතුවම නෙවෙයි, මම ගොඩක් රඟපාන කෙනෙක් නෙවෙයි, මට ගොඩක් මෙගා නාට්‍ය වලට කතා කරනවා හැබැයි මම ඒවාට යන්නේ නෑ, මොකද මම මෙගා වලට කැමති නෑ, මට ඒවාට ටයිම් එකක් නෑ මොකද මම ලෙක්චර් කෙනෙක් ඒ වගේම ඇක්ටර් ට්‍රේනර් කෙනෙක් විදියට වැඩ කරනවා, ඉතින් මම මෙගා වැඩ බාරගන්නේ නෑ,”

ප්‍රදීප්ගේ ගම කොහෙද..? මම මාතර, මම ඉගන ගත්තේ මාතර ඕල්කට් කනිෂ්ඨ විද්‍යාලයට සහ මාතර සෙන්තෝමස් විද්‍යාලයෙන්, මම තමයි අපේ පාසලේ පලවෙනි වතාවට ඉස්කෝලේ උසස්පෙළට රාමා කළේ, මම මගේ ආරම්භය පටන් ගත්තේ වීරසේන අල්ගේ කියන ගුරුතුමාගේ වීදි නාට්‍ය හරහා, පස්සේ තමයි කැම්පස් එන්නේ, මාතර ඉන්න කාලේ මම ගොඩක් නාට්‍ය වැඩ කළා, හැබැයි ඒ කාලයේ ඇකඩමික් දැනුමක් තිබුණේ නෑ, ආසාවට තමයි ඒ දේවල් කලේ, කැම්පස් එකෙන් තමයි මට ඒ ගැන හරි අවබෝදයක් ලැබුනේ, මට මහේන්ද්‍ර සර් හම්බවෙන්නේ ඒ කාලයේ, ඉතින් මම එයාව හොයාගෙන කොළඹ ආවා”

කොහොමද කොළඹ ආව ගමන ”මම බොහොම සාමාන්‍ය පවුලක ළමයෙක්, මම ඉගන ගන්න කාලේ මගේ වියදම තනියම හොයාගන්න පුරුදු වුනා, බොරු කියන්නේ මොකටද මම කොළඹ ඇවිත් ලොකු කට්ටක් කෑවා, කොළඹ නීලගිරි හෝටලයේ අවුරුද්දක් විතර වැඩ කළා, ඊටපස්සේ රෙදි කවවල් වල, හාඩ්වෙයාර්වල වැඩකලා, එහෙම වැඩ කරනගමන්තමයි මහේන්ද්‍ර සර් ගේ ක්ලාස් ගියේ, සර් මාව මුලින්ම සතපහකට ගණන් ගන්නේ නෑ, මාව අඳුරන්නේවත් නෑ, වැඩ කරගෙන යද්දී එයාට මාව දැනුනා, ඊටපස්සේ සර් මාව ඉංග්‍රීසි ටිකක් ඉගනගන්න කියලා ඉංග්‍රීසි පන්තියකට දැම්මා, සර් මට සලකන්නේ එයාගෙම දරුවෙක්ට වගේ”

Related Posts