Tue. May 17th, 2022

අපේ කළා ලෝකයේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. 1965 වසරේ උපන් නිල්මිනීට දැන් වයස අව්රුදු 57ක් ඒ වගේම නිල්මිණි කියන්නේ ආදරණීය මවක්. ජනප්‍රිය ගායකයෙක් වගේම වර්තමානයේ දේශපාලන ක්‍රියාකාරී චරිතයක් වන මධුමාධව අරවින්ද සමග විවාහ වන ඇය පසුව ඔවුන්ගේ පුද්ගලික හේතු කිහිපයක් මත එම විවාහයට සමුදෙනවා.

නිල්මිනීගේ සහ මධුමාධව අරවින්ද ගේ දියණිය තමයි ශ්වෙතා මන්දාකිණි ඇයත් නිල්මිනී වගේම ගොඩක් සුන්දරයි. කොහොම වුනත් නිල්මිනී දෙවනවරට විවාහ යෝජනාවක් ඔස්සේ විවාහ වෙනවා, නමුත් පසුව ඇයට එම විවාහයටත් සමුදීමට සිදුවෙනවා. ඉන්පසු ඇය සහ ස්වේතා ජීවත්වුණේ තනියම.

කොහොම වුනත් නිල්මිනී කියන්නේ ලංකාවේ බහුතරයකගේ ආදරය දිනාගෙන ඉන්න චරිතයක් ඉතින් ඇය පසුගිය දිනක සමාජ ජාලා වලට විශේෂ සටහනක් එකතු කරලා තිබුනා ඒ සටහන තමයි ”ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්2007.3.14 මගේ ජීවිතේ වෙනස් වෙන්න ගිය තත්පර ගාන මම භයානක රිය අනතුරකට මුහුණ දුන්න අවස්ථාව අදට අවුරුදු 15 එදා මට මගේ ජීවිතය නැවත ලබා දෙන්න. මගේ දුවට එයාගෙ අම්මා ලබා දෙන්න වැලිවේරිය ජනතාව ත්‍රීවිල් රියදුරු සොයුරා රාගම රෝහල එහි වෛදවරුන්. හෙද හෙදියන් ලීසන්ස් රෝහල එහි අධිපති තුමා නවලොක රෝහල එහිද අධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මගේ අම්මා සහෝදරයෝ මට ජීවත් වෙන්න හුස්ම දුන්න ඒ වගේම එක පේලියට පායපු තරු 3 කලාකරුවන් මගේ රටේ ආදරණීය ජනතාව විරුවන් මං වෙනුවෙන් මට ලේ දුන්න ආදරණීයන්. සියලු මාධ්‍යවේදීන්ට මං වෙනුවෙන් මගේ හුස්ම මට නැවත දෙන්න. මම වෙනුවෙන්. ඇපකැප වුණ. පිංවත් ඔබ සියලු දෙනාටම. ගොඩාක් පින්, ආදරයි හැමදාමත්. තෙරුවන් සරණයි” කියලා මේ සටහන කියපු හැමෝම කිවුවේ නිල්මිණි කියන්නේ කවදාවත් මුල අමතක කරන කාන්තාවක් නෙවෙයි කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *