මලක් වගේ සුන්දර ජනප්‍රිය ගායිකා ෆැලන් ඇන්ඩ්‍රියා වලියක් දාගෙන

කලක් ඇය සමාජය තුළ නිතර කතා බහට ලක්වූ චරිතයක්. ඒ කාලය තුළ ඇයට කට කතා වල නම් අඩුවක් තිබුණේ නෑ. හැබැයි ඇය තම කිරුළ දිනා ගත්තේ ගීත ලොවේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන ආශිර්වාදය මත. නමින් ඇය ෆැලන් ඇන්ඩ්‍රියා. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. ෆැලන් අලුත් ගීත කිහිපයක් නිර්මාණය කළා කියන්නේ ඇත්තද, ” ඔව් මං අලුත් ගීත නිර්මාණ කිහිපයක්ම කළා. පවතින තත්වයත් එක්ක මට ඒ ගීත එළිදක්වන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසාම වෙන්න ඇති ගොඩක් අය මගේ නිර්මාණ ගැන දන්නේ නැහැ. හැබැයි මට වැඩසටහන කීපයක ගීත ගායනා කරන්න ආරාධනා කළා. ඉදිරියට මගේ නිර්මාණ තවත් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.”

ඔබ තරඟ ජයග්‍රහණයත් එක්කම ප්‍රශංසා ලැබුණා වගේම මඩ ප්‍රහාරත් ලැබුන නේද, මම හිතන්නේ කවුරුත් නිකරුනේ අපට එල්ල කරන චෝදනා වලට අපි ජීවිතේ වැටෙන්න හොඳ නැහැ කියලා. මොකද ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. අපි හරි විදිහට ජීවත් වෙන ඕන සමහරු කියන කතා අපිට වෙනස් කරන්න පුළුවන්. මම සමහර තැන් වලදී සමහර කතා ගැන නිහඬ වුණේ ඒකට හොඳම පිළිතුර නිහඬවීම නිසා. මම ඒ කාලේ කළේ මාධ්‍ය සාකච්ඡාවල දී මගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දීම විතරයි. මං වැරදි දෙයක් සමාජයට යොමු කළේ නැහැ. ඒ වගේ කාරණා ගැන මම නැවත කතා කථා නොකරන්න වගබලා ගත්තා.

තරගය තුළදී ඔබේ ප්‍රතිවාදී තරගකාරීය ඔබට චෝදනා කළා නේද ,ඒ චෝදනාව එකිනෙකා පිළිගන්න විදිය වෙනස්. මටනම් කාත් එක්කවත් තරගයක් තිබුණෙ නැහැ. මට ඕනෙ වුනේ අවසන් තරගකරුවන් කිහිපදෙනා අතරට එන්න විතරයි. මොකද අවසන් තරගය බොහෝ දෙනෙක් බලන තරගයක්. එතකොට ගොඩක් අය ඉදිරියේ මගේ හැකියාව පෙන්නන්න පුළුවන්. අපි කිරුළ ගත්තත් නැතත් ජනතාවගේ හදවතේ අපි රැඳෙන්නේ අපි කරන කියන දේවල් වලින්. එදා ඒ වේදිකාවේ හැබෑ උනේ මම පුංචි කාලේ ඉඳලා දැකපු හීනයක්. මම කිසිම වෙලාවක මගේ ගමන නතර කරන්නේ නැහැ. මමත් එක්ක තරග කරපු ප්‍රතිවාදි තරගකාරිය මෑතකදී සමාජ ජාලය තුළ පවසා සිටියේ ඇයට මමත් එක්ක නොව තුන්වෙනියා එක්ක තරගයක් තිබූ බවයි. මට එය කිසිම වෙලාවක ගැටලුකාරී කරුණක් වුණේ නැහැ.”

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද, ”මම තවම සංගීතය කියන මගේ ගමන ආරම්භ කලත් පමණයි. මම කැමතියි ගොඩක් අය ඉදිරියේ ගීත ගායනා කරන්න. මගේ නම කියූ සැණින් රටම දන්න සංගීත වරියක් වෙන්න මම කැමතියි. මගේ ගමනට මඟ විවර වී ඉවරයි. ඉතින් මම හෙමින් මගේ ගමන යනවා. අපේ පුංචි රටේ නම ජාත්‍යන්තරය ගෙනියන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට යන්න තියෙන දුර වැඩියි.”

ප්‍රවිණයන්ගෙන් ඔබට ලැබුණු සහයෝගය කොහොමද තරගය තුළ, ”ඩ්‍රීම් ස්ටාර් තරගය තුළ මට පෞද්ගලිකව ප්‍රවීනයන් ගෙන් උපදෙස් ලැබුණා. ඔවුන් අපි හැමෝටම යායුතු මඟ පෙන්නලා දුන්නා. ජීවිතයේ ලැබුන වටිනාම ඔවදන් ඒ කාලය තුල මට ලැබුණා. ගේ ගමන යන්නේ ඒක ලොකු ශක්තියක් වුණා. අදටත් අපි අතර තියෙන ආදරේ ඒ වගේම තියෙනවා.”

ආදරය ගැන හිතන්නේ කොහොමද, ”ආදරේ කියන්නෙ අපි හැමෝටම ඕන දෙයක් .ඕනිම මනුෂ්‍යයෙක් විඳිය යුතු හැඟීමක්.මම නම් තාම පෙම්වතියක් නෙවෙයි.” ඔබ සමාජයට ගීත මුදා හරින්නේ පුද්ගල රුචිකත්වය මතද, ”මම විවිධ ආර වල ගීත සමාජයට මුදා හැරලා තියෙනවා. මම යම් ගීතයක් සමාජයට මුදා හැරලා ඒ ගැන සමීක්ෂණයක් කරනවා .අදටත් ඒකෙ වෙනසක් නැහැ .මම හිතන්නේ ඒකට හොඳම කාලේ මේ ගෙවන කාලේ කියලා. මම එක රාමුවකට කොටු වුණ ගීත ගායනා කරන්නේ නැහැ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *