කළා ලෝකයේ ඉන්න නව යොවුන් රංගන ශිල්පිනියක් තමයි ටාශියා කාලිදාස කියන්නේ, චලෝ ටෙලිනාට්‍ය හරහා පසුව ඇය විදේශීය සිනමාපටයකට සම්බන්ද වෙනවා. ඉන්පසු ඇය ලාංකේය සිනමාපටයක් වන ‘හැපි බර්තත් ඩේ’ සිනමාපටයට රංගනයෙන් දායක වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ ටාශියා කාලිදාස සමග. කොහොමද ටාශියා ජීවිතේ සරුද ”මට හැමදාම සරුයි නේ, අම්මා තාත්තා අක්කා නෑදෑයෝ මගේ රසිකයෝ ඔක්කොම එක්ක මම ගොඩක් සතුටින් ඉන්නවා, මේ වගේ පුංචි කාලයක් ඇතුලත මේ වගේ ජනප්‍රියත්වයක් ලැබීම ගැන ගොඩක් සතුටුයි”
ටාශියා තවම එලේවල් ලියලත් නෑ නේද ”ඔව් මම උසස්පෙළ කරන්නේ භාෂා අංශයෙන්, ප්‍රංශ සහ ජර්මන් අනෙක් විෂය තර්ක ශාස්ත්‍රය. ඇත්තම කියනවනම් ප්‍රංශ භාෂාවට වඩා ජර්මානු භාෂාව ටිකක් අමාරුයි. ප්‍රංශ භාශාවනම් මම පුංචි කාලේ ඉඳලම පුරුදු වුනා. මේ දවස්වලනම් මම තාවකාලිකව රඟපෑමෙන් ඉවත්වෙලා ඉන්නේ, ආයේ මම රඟපාන්නේ එලේවල් වලින් පස්සේ, ”
ටාශියා හොල්මන් වලට බයයි කියලා සමහර අය කියනවා ඇත්තද ඒ ”කවුද ඒ බොරුව කිවුවේ මම නම් හොල්මන්වලට පොඩ්ඩක්වත් බය නෑ, මොකටද පෙන්නේ නැති දේවල්වලට බයවෙන්නේ, මම විශ්වාස කරන්නේ මම දකින දේවල් විතරයි, නොපෙනෙන හොල්මන් වලට මම බය නෑ”
එතකොට ටාශි වැඩියෙන්ම බය කාටද ”ඇත්තම කියනවනම් මම වැඩියෙන්ම බය මගේ අම්මට, එයා බැලුවත් මට බයයි, හැබැයි එයා කවදාවත් අපිට ගහලා නෑ, හැබැයි ඒ බැල්මෙන් අපිට ගොඩක් දේවල් කියලා දෙනවා. මම විතරක් නෙවෙයි මගේ අක්කත් වැඩියෙන්ම බය අම්මට හැබැයි අපේ හොඳම යාළුවත් අම්මා,”