මම හිත ගල් කරන ඉන්නේ දැන් කාටවත් බෑ මට රිද්දන්න – ජනප්‍රිය නිලි සුධීක්ෂා සමාධි

ඉතාම කෙටි කාලයක් තුළ ඉහළ ප්‍රේක්‍ෂක ආදරයක් ලබාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි සුධීක්ෂා සමාධි කියන්නේ, සුන්දර රුව නිසා වගේම කැරලි ගැහුන කොන්ඩේ නිසාත් සමාධි ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක වන සමාධි සමග, සුදක්ෂි කලාවට සම්බන්ද වෙන්නේ කළා පවුලක් හරාද..? නැහැ අපේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ද වෙලා නෑ, මම මේක දෙමාපියන්ගේ සහයෝගයත් එක්ක හෙමින් හෙමින් ආව ගමනක්, අද වෙද්දී මම ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි, ඒ වගේම මට දැන් ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබෙනවා”

කියන්නකෝ ඔයාගේ පවුලේ තොරතුරු ටිකක් ”මගේ අම්මා ගෘහනියක්, තාත්තා කලින් සේවය කලේ පොලිස්සියේ, ඒ වගේම මට ඉන්නේ එක මල්ලි කෙනෙයි, එයා බැංකු නිලදාරියෙක්, මගේ කළා ක්ෂේත්‍රයේ ගමනට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා, මම තමයි අපේ පවුලට ඉන්න එකම ගෑනු ළමයා, ඉතින් හැමෝම වැඩියෙන් ආදරේ මට”

සමාධි ඔයාගේ ඇත්ත ආදරේ ගැනත් කියන්නකෝ අපිට ”අනේ ආදරේ ගැනනම් කතා කරන්න එපා මොකද මම කතා කරන්න කැමතිම නැති මාතෘකාවක් තමයි ආදරය කියන්නේ, මම ඉක්මනට තරහා ගන්න ඉක්මනට නිවෙන කෙනෙක්, ඒ වගේම මට හරිම ඉක්මනට දුක හිතෙනවා, රඟපාද්දී චරිත ඇතුලේ මම කොච්චර ආදරේ ගැන කතා කලත් මම සැබෑ ජීවිතයේදී ආදරේ කියන වචනේටත් බයයි, එහෙම වෙන්න හේතුව තමයි මම ආදරේ නිසා හීන කප්පරක් තියාගෙන ඉඳලා තියෙනවා, බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉඳලා තියෙනවා, මම දැන් මගේ හිත ගලක් කරන් ඉන්නේ එකතොට කාටවත් බෑ මාව රිද්දවන්න, මම මගේ ජීවිතේ ගොඩක් දේවල් දරාගත්ත කෙනෙක්, මට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරේ ගෙදර අයාගෙන ලැබෙන ආදරේ ඇති,

ඔයා ජනප්‍රිය වෙන්න ඔයාගේ කොන්ඩෙත් බලපෑවා නේද..? ”ඇත්තටම ඔව් සමහර නිර්මාණ වලට ආරාධනා එන්නෙම මේ කොන්ඩේ නිසා, ප්‍රේක්ෂකයෝ වගේම නිර්මාණකරුවොත් මගේ කොණ්ඩෙට ගොඩක් ආදරෙයි, ගොඩක් අය කියන්නේ මම ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව මගේ කොන්ඩේ කියලා, හැබැයි මම ඉදිරියේදී මගේ කොන්ඩේ වෙනස් කරන්න හිතාගෙන ඉන්නේ, බලමු ඒක මට ලොකු අභියෝගයක් වේවි”

Related Posts