මම හැම අවුරුද්දකම මහරගම අපේක්ෂා රෝහලට කිරිපිටි බෙදා දෙනවා – සංජානා

ඉතාම කෙටි කාලයකින් ලංකාවේම අවධානය දිනාගන්න සමත්වුණ හැඩකාර දඟකාර රංගන ශිල්පිනියක් තමයි සංජානා ගමආරච්චි කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වෙලා ඉන්න සංජානා සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, ඉතින් සංජානා පහුගිය කාලයේ ලංකාවේ ජනප්‍රිය කපල් එකක් මැද්දට ඔයාගේ නමත් ගෑවිලා තිබ්බා නේද මොකද කියන්න තියෙන්නේ ඒ ගැන ”මෙහෙමයි මම කැමති මම ගැන කතා කරන්න, ඇයි අනුන් ගැන මම කතා කරන්නේ..? ඒක මට අදාළ දෙයක් නෙවෙයි, ඒ නිසා මම ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න මම කැමති නෑ, අනිත් එක ඒවා මට අදාලත් නෑ, අනිත් එක ඉතින් ඔය කටකතා ඇත්ත නෙවෙයි නේ”

සංජානා කියන්නේ ක්‍ෂේත්‍රයට ආව මුල් කාලේ ඉඳලම අඩුවක් නැතුව කටකතා ගොසිප් හැදුන රංගන ශිල්පිනියක් ඉතින් ඔයාට හැදෙන කටකතා ගැන මොනවද කියන්න තියෙන්නේ ”මෙහෙමනේ සමහර අය මිනිස්සුන්ට කට කතා හදලා සතුටක් ලබනවා නේ, සමහර අය එයාලට හිතෙන දේවල් මම කිවුවා වගේ කියනවා, සමහර අය ඇත්ත විකෘති කරලා ප්‍රසිද්ධ කරනවා, හැබැයි ඉතින් එහෙම කරන්න කරන්නේ මගේ ජනප්‍රියත්වය වැඩි වෙනවා, මම මේ ක්‍ෂේත්‍රයට ආව මුල් කාලයේ නම් මම ගොඩක් ඒ දේවල් ගැන හිතුවා දුක් වුනා, හැබැයි දැන්නම් මම ඒවා ගණන් ගන්නේ නෑ,”

සන්ජනාගේ 26 වන උපන්දිනය ජයටම සැමරුවා නේද..? ”ඔව්, මම අවුරුදු ගානින් උපන්දින සාදයක් පවත්වලා නෑ, ඉතින් මම හිතුවා මගේ 26 වෙනි උපන්දිනය ටිකක් ජයට සමරන්න ඕන කියලා, ඉතින් මම යාළුවන් සහ මගේ පවුලේ ලඟම අය එකතු කරගෙන මම උපන්දින සාදයක් දැම්මා, සමහර අයනම් මට දොස් කිවුවා, මෙච්චර ප්‍රශ්න තියෙන කාලයේ මොනවද ඔයා මේ කරන වැඩ කියලා අහපු අයත් හිටියා, කවුරු මොනවා කිවුවත් මේක මගේ ආසාව, පාටි දැම්මා වගේම තමයි මම වැඩිහිටි නිවාසයකට දායනක් දුන්නා, ඒ වගේම මගේ අම්මා මේ ලෝකේ දාලා ගිය දිනයේ ඇය වෙනුවෙන් පින් අනුමෝදම් කරන්න හැම අවුරුද්දක මහරගම අපේක්ෂා රෝහලට කිරිපිටි බෙදාදීමක් සිදු කරනවා, මම ඕවා ප්‍රසිද්ධ කරන්නේ නෑ, හැබැයි මම ඒ දේවලුත් කරනවා,”

සංජානාගෙ වෙඩින් එක තියන්නේ කවද්ද..? ”මම ලබන අවුරුද්දේ වෙඩින් එක ගන්න හිතාගෙන ඉන්නවා, දැනටමත් ගොඩක් අය මගෙන් අහවා ඔයාලා වෙඩින් එක ගන්නේ කොහෙද කියලා, ඒ වගේම වෙඩින් එක ගන්නේ කොයි විදියටද කියලා, ඇත්තම කියනවනම් වෙඩින් එක ගන්න තැන ගැන අපි තවම තීරණය කරලා නෑ, ඒ වගේම විඩින් එකට ගන්නේ මොන වගේ විදියටද කියලත් අපි තීරණය කරලා නෑ, කොහොම වුනත් විවාහය ලන්වෙලාම ඒ දේවල් ගැන අපි කියන්නම්”

Related Posts

Leave a Reply

Your email address will not be published.