‘මම හැමෝටම හරියට ගෙවනවා’ ප්‍රවීණ රංගන ශිල්පිනී නුවන්ගි කියන කතාව

ලංකාවේ රංගන ශිල්පිනියන් අතර ඇය අත්දැකීම් බහුල ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇගේ දක්ෂතාව කියාපෑමට උදාහරණ අවැසි නැහැ. නමින් නුවන්ගි ලියනගේ. අවුරුදු දහයකට පෙර ඇය ඉදිරිපත් කළ නඩු අහන වලව්ව කවුරුත් අතර ජනප්‍රිය ටෙලි කතාවක් වුණා, එහි ප්‍රධාන චරිතය ජෝ අබේවික්‍රම මහතා රඟපෑ අතර ඒ එතුමන්ගේ අවසන් රංගනය බවයි ඇය පවසා සිටියේ.

කෙසේ වුවත් නිෂ්පාදන කාර්යයට සම්බන්ධ වීම ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් ඔබ කොහොමද ඒවගේ අභියෝගයක් ජය ගත්තේ, මම හිතෙන්නේ නිර්මාණයක් බිහි කරනවට වැඩිය අමාරුයි ඒක රසිකයන් අතරට ගේන එක. ඒක ලොකු අභියෝගයක්. නිෂ්පාදිකාවක් විදියට මම මුහුණ පෑ ලොකුම ගැටළුව ද එයයි. කොහොම වුනත් කිසියම් වැඩකට අනිවාර්යෙන්ම අවදානමක් ගන්නම ඕනේ.ලංකාවේ චැනල් බොහොමයක් තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ විවිධ වූ නිර්මාණ. අපි නිර්මාණය කිරීමේදී අපිට විනිශ්චය කරන්න බැහැ මේ නිර්මාණය කවුරුන් හෝ භාර ගනීවි ද යන්න. කොහොම වුණත් මම විවිධ දුෂ්කරතා මැද මේ අභියෝගයට මුහුණ දුන්නා. අපි කරන නිර්මාණයට අනිවාර්යෙන්ම වටිනාකමක් තිබිය යුතුයි .

ගොඩක් අධ්‍යක්ෂකවරුන්ට එල්ල වන චෝදනාව තමයි නිසි ගෙවීමක් කරන්නේ නැහැ කියන එක. ඒ ගැන ඔබේ අදහස කුමක්ද, මම මගේ සෑම නිර්මාණයකටම සම්බන්ධ වුණ සියලු දෙනාටම නිසි වෙලාවට නිසි වියදම ලබා දුන්නා. මාත් එක්ක වැඩ කරපු අය ඒ ගැන දන්නවා. රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරද්දි මමත් විවිධ වූ ගැටළු වලට මුහුණ දී තිබෙනවා. ඇත්තටම අදටත් මට මගේ නිසි මුදල නොලැබුන නිර්මාණ තියෙනවා. මම මුහුණ දුන් ඒ ගැටලුවට කිසිවෙකුත් මුහුණ නොදිය යුතුයි යන්න හිතේ තියාගෙන තමයි මම නිෂ්පාදනය කියන දේට අතට තැබුවේ. තව දෙයක් තමයි පෙනෙන තරම් නිෂ්පාදකවරුනුත් සැහැල්ලුවෙන් නෙවෙයි මේ කාර්යයන් කරන්නේ. ඔවුන්ට ද විවිධ වූ ගැටළු තියනවා. පෞද්ගලිකව වුණත් මම ඒ ගැන දන්නවා.

හොඳ නිර්මාණ බිහි වෙන්න තරම් මේ කාලය තුළ හොඳ පිටපත් ලිය වෙන්නේ නැහැ නේද, කලින් කලය ඉස්සරහට යද්දි හැමදේම නවීකරණය වෙනවා. රසවත් කතා නිර්මාණය කරන තිර රචකයින් අඩුයි ද යන්න මම හිතනවා. රංගන ක්ෂේත්‍රයට නම් දවසින් දවස අලුත් අලුත් මුහුණු එකතු වෙනවා. හැබැයි තිර පිටපත් රචකයෝ බිහිවෙනවා අඩුයි. තිරපිට පතක් තෝරගන්න යනවිට මට ද එය ගැටළුවක් වෙන අවස්ථා තියෙනවා. හොඳ නිර්මාණයක මූලික ම දේ තිර පිටපතයි. අපි කොච්චර මහන්සි වුනත් රසිකයින් ඒ නිර්මාණය ආදරයෙන් පිළිගන්නේ නැත්නම් අපි අසාර්ථකයි. ඒ නිසාම තිරපිටපත සාර්ථක එකක් වෙන්න ඕන.මම කියන්නේ නවකයෙක් වුණත් දක්ෂ නම් තිර රචනයට ඔබ මේ වන විට සමාජයට පැමිණිය යුතුයි. මොකද අපිට සාර්ථක තිරපිටපත් කරුවන් අවශ්‍යයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *