‘මම හැඩට ඉන්නේ සුම්බා කරන නිසා’ ජනප්‍රිය නිලි ප්‍රතිභා කියන කතාව

ගාමිණි හෙට්ටිආරච්චි වියෝ වුවත් අදටත් රසිකයන් අතර ජනප්‍රිය චරිතයක්. එතුමාගේ රංගනය ගැන කිසිවකුටත් කිසිවක් කිව නොහැක. ඒ හැකියාව ම තම ලේ වල තියනවා කියන්න හොඳම සාක්ෂිය වන්නේ එතුමන් ගේ දියණියයි. ප්‍රතිභා හෙට්ටිආරච්චි. දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් වන ඇය ගැනයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. රුව වගේම රංගනයද පියා වගේම යන්න බොහෝ දෙනකු ඇයට පවසන්න පවසන්නේ ඇය දක්ෂ නිසාමයි.

ප්‍රතිභා හිතන විදියට කාන්තාවකට ලස්සන කියන දේ වැදගත් ද, ”අනිවාර්යෙන්ම කාන්තාවට ලස්සන කියන දේ වැදගත්. ඒක කාන්තාවකට විතරක් නෙමේ සමාජයේ ඕනම කෙනෙකුට වැදගත් දෙයක්. උපතින් ලැබුන ලසසසන, රුව ආරක්ෂා කරගන්න අපි නිතරම පෙලඹෙන්න ඕන. මම හිතන්නේ කෙනෙකුගේ ලස්සන කියන්නේ පිරිසුදුකම හා පිළිවෙළ යි. පිරිසිදුකම පිළිවෙළ එක්ක නිතරම ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ඒ පුද්ගලයා ලස්සන පුද්ගලයෙක්. අනික ඒක ජීවිතයට ගොඩක් වටින දෙයක්.

ප්‍රතිභා ලස්සනට ඉන්න මොනවගේ දේවල්ද කරන්නේ, ”මම විශේෂයෙන් කරන එකම දේ නිතරම වතුර බොන එක. මම හිතන්නේ වතුර කියන දේ අපේ ශරීරයට වගේම ඉන්ද්‍රියන් වලටත් ගොඩක් වැදගත් දෙයක්. මම යම්කිසි රාජකාරියකට කාර්යබහුල වුණත් වතුර බොන්න ඕනෙ වෙලාව මතක් කර ගන්න ඇප් එකක් තියාගෙන ඉන්නවා. මොකද මම මගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන කෙනෙක්. ඊට අමතරව මම එළවළු සහ පලතුරු වගේ දේවල් ආහාරයට ගන්නවා. ඇස් යට කළු වෙනකොට ඇස් වෙහෙසලා ගොඩක් දුරට වැඩ කරනකොට මං පිපිඤ්ඤා පෙති වගේ දේවල් ඇස් වල තියාගන්න පුරුදුවෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට ශරීරයේ හැඩය තියාගන්න මම සුම්බා කරනවා. මම ඉතින් ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි මගේ ලස්සන රැකගන්න කරන්නේ. ගොඩක් වෙලාවට මම සැලොන් යන්නේ හරිම අඩුවෙන්.

ප්‍රතිභා කියන්නේ විලාසිතා කරන කෙනෙක්ද, මම හිතන්නේ විලාසිතාව කියන්නේ නිරූපණය කරන මෙවලමක්. ජීවිතයේ අපි තෝරගන්න විලාසිතා අනුව අපිට වෙනම චරිතයක් හිමි වෙනවා. අපි යම්කිසි විලාසිතාවක් තෝරාගන්න ඕනේ තැනට සුදුසු විදිහට. අවස්ථාවට අනුව විලාසිතා ගලපගන්න පුළුවන් හැකියාවක් අපේ ජීවිතය තියෙන්න ඕන. මම විලාසිතා කරන කෙනෙක් .හැබැයි මම දැන් විලාසිතා කරන්නේ අම්මා කියන පදවියේ ඉඳලා. අම්මා කෙනෙකුට සුදුසු විලාසිතා තමයි මම කරන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *