‘මම හස්බන්ඩ් එපා කියන දේවල් කරන්නේ නෑ’ ජනප්‍රිය නිලි උදාරි කියන කතාව

උදාරි පෙරේරා කියන්නේ සිනමාව තුළ වෙනසක් ඇති කළ රංගන ශිල්පිනියක්. සම්බන්ධ වූ සියලු නිර්මාණ වල තම නාමය රඳවා ගැනීමට ඇය සමත් වුණා. ඉතින් අද අපි කතා කතා කරන්න සූදානම් වෙන්නේ ඇයි ගැනයි. ප්‍රවේගය චිත්‍රපටය හරහා ඇය ඇය රසික හදවත් තුලට රිංගන්න පටන් ගන්නවා.බොහෝ දෙනෙක් ගැන කතා කරන්න පටන් ගන්නවා .ඇගේ පස් වැනි චිත්‍රපටය යාත්‍රා.

රංගනයට සම්බන්ධ වුණ සුළු නිර්මාණ කිහිපයකින් ඔබ රසික හදවත් දිනා ගන්න සමත් වෙනවා. ඇත්තටම එහෙම වෙන්න විශේෂිත හේතුවක් තියෙනවද. “මගේ රංගන ජීවිතය තුළ පමණක් නෙවෙයි මම එක්ක කතා කරන ඕනෙම කෙනෙකුට මාව මතත හිටින චරිතයක් වෙනවා. එයට හේතුව මම මනුසත්කමින් කතා කරන නිසා. මම බොරුවට කෙනෙක් ඉස්සරහ මවා පා ගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. බොරුවට කතා කරන කෙනෙකුත් නෙවෙයි. මම බොහොම ආදරණීය කෙනෙක්. ඒ නිසාම ගොඩක් අය මට ආදරෙයි.මිනිසුන් එක්ක කතා කරන්න මිනිසුන් හා ගැටෙන මම ගොඩක් කැමති. කලින් මං ගුවන් ගුවන් සේවිකාවක් විදිහටත් කටයුතු කළා. ඒ රැකියාවේ පවා මට ගොඩක් අය ආදරේ කරා.”

නිළියක් විදිහට ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද ? මගේ යාළුවෝ මගේ අඩුපාඩු කියලා දෙනවා. සමහර අඩුපාඩු මං හදා ගන්නවා. මම හිතන්නේ රංගනය තුළ අපිට හොඳ හොඳ නරක දෙකම ඕන වෙනවා. නින්දා ප්‍රසංසා දෙකම පිළි අරගෙන තමයි අපිට මේ ගමන යන්න වෙන්නේ. කවුරුහරි කෙනෙක් අපි ගැන අඩුපාඩුවක් කිව්වොත් අපි ඒ ගැන දෙවරක් නොසිතා ඒ අඩු පාඩුව හදාගන්න ඕනේ. මොකද එතකොට තමයි ඒ ගමන සාර්ථකව අපිට යන්න පුළුවන් වෙන්නේ. රංගනය කියන දේ අපි සීයට සීයක් දන්නෙ නැහැ. ඒ නිසා කෙනෙක් අපේ චරිතයක අඩුපාඩු කියෙව්වොත් අපි ඒ දේ පිළිගන්න ඕන.”

ඔබේ ආදරණීය සැමියා ගැන කතා කළොත්, ”මගේ සැමියා කැමති නැහැ මම ප්‍රසිද්ධියේ එයා ගැන කතා කරනවට. ඉතින් ඒ නිසාම අපි ඒ ගැන කතා නොකර ඉමු. මොකද මම එයා අකමැති දේවල් කරන්නේ ගොඩක් අඩුවෙන්”

ඔබ මුලින්ම රැකියාවක් විදිහට කලේ, ”මම ගුවන් නියමු සේවිකාවක්. ඊට පස්සේ මමරැකියාවෙන් අයින් වෙලා නිළියක් විදිහට රංගනයට එකතු වුණා. මම දරුවා ලැබෙන්න කලින් රූපලාවණ්‍යාගාරයක් ද කරගෙන ගියා. හැබැයි පුතාගේ වැඩ එක්ක මට ඒ දේවල් නතර කරන්න සිද්ධ වුණා. මම එක තැනකට කොටු වෙලා ජීවත් වෙන්න කැමති නෑ කොහොමත්.”

උදාරි කියන්නේ කොයි වගේ චරිතයක්ද? මම කාගෙවත් ප්‍රශ්න ගන්න කෙනෙක් නෙවෙයි. හැබැයි ප්‍රශ්නවලින් මිදෙන්න විදිය කියලා දෙනවා. මොකද හැමෝටම ප්‍රශ්න කියන දේවල් ජීවිතයට එනවා. දේවල් වලට අපි මුහුණ දෙන්න ඕන. කෙනෙකුගේ ප්‍රශ්න අහන් ඉන්න තරම් මගේ හදවත හොඳයි. මම හොඳ සවන් දෙන්නෙක්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *