Tue. May 17th, 2022

මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක් තමයි හිමායා බණ්ඩාර කියන්නේ. කාලයක් තිස්සේ කළා ලෝකයේ හිටියත් ඇය ජනප්‍රිය වෙන්නේ ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වුන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා. ඒ සෙනාලි ටීච කියන චරිතය හරහා. ඉතින් අපි අද කතා කරන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හිමායා බණ්ඩාර සමග.

හිමායා ඔබට මේ ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේපවෙලා යන්න වුනොත් මොකද කරන්නේ? ”එහෙම වුනොත් මම ගොඩක් සතුටින් ඒ දේ බාරගන්නවා. මම සාමාන්‍යයෙන් අටලෝ දහමට කම්පා වෙන කෙනෙක් නෙවෙයි. මම ඕනෑම දෙයක් සමසිතින් බාරගන්න කෙනෙක්. දුකක් දැනේවි ඉතින් ඒ දුක කඳුලක් කරලා පිටකරලා හිනාවකින් ජීවිතේ බාරගෙන කටයුතු කරනවා.”

ඔබට ඔබේ ජීවිතයේ එක සිදුවීමක් අමතක කරන්න අවස්තාවක් ලැබුනොත් ඔබ මොකද්ද අමතක කරන්නේ ”ඇත්තටම කියනවනම් මගේ ජීවිතෙයේ සමහර මිනිස්සු පස්සේ හරිම දරුණු උනා, මම ඉස්සර හරි ඉක්මනට මිනිසුන්ට රැවටෙනවා. පොඩ්ඩක් කතා කලාම මමත් අනේ මෙයා හරි හොඳයි නේ කියලා යාලුවෙක් වගේ ආශ්‍රේ කරනවා එහෙම කරපු නිසා මම ගොඩක් හිත රිදවාගෙන තියෙනවා. ඉස්සර සමහර අයට මම ඇඳගෙන ඉන්න ඇඳුම පවා දීලා තියෙනවා. හැබැයි ඒ අයට ඒවා මතකවත් නෑ, අනේ ඇත්තමයි ඒ වගේ මිනිස්සු අමතක කරලා දාන්න පුළුවන් නම් ලොකු දෙයක්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *