‘මම සැමියා එක්ක ට්‍රැවල් කර කර සැපේ ඉන්නවා’ ජනප්‍රිය ගායිකා නදිනි කියන කතාව

රියලිටි කලාව බිහි කරපු සිරසි සුපර් ස්ටාර් හරහා කරලියට පැමිණි නදිනි නිශංකා ප්‍රේමදාස සුන්දර යුවතියක් මෙන්ම දක්ෂ ගායිකාවක් වෙන ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. වසර කිපයක් ගීතයෙන් නිහඩ වුන ඇය අලුත් ගීතයක් සමඟ රසිකයන්ගේ හදවතට ඇතුළු වෙන්න ඇය සමත් වෙනවා. ඉතින් නදිනිගේ ජිවිතේ අලුත් විස්තර මොනාද? “බබාලා දෙන්නාගේ වැඩ කරගෙන යනවා. ගීත නිර්මාණ වැඩ කටයුතු කරගෙන යනවා. මේ කාලයේනම් ප්‍රසංග වගේ වේදිකාවේ වැඩ අඩුයි ඉතින්. බබාලා පොඩි නිසා ටික කාලයක් කලාවෙන් දුරස් වෙන්න වුනා. ආයේ ටික ටික කලාවට එන ගමන් තමා ඉන්නේ.”

දරුවෝ දෙන්නෙක් ඉන්න මවක් විදිහට මෙච්චර ලස්සනට ඉන්නේ කොහොමද ? “මම කොහොමත් මොන දේ තිබුනත් මගේ සෞඛ්‍ය ගැන හිතන කෙනෙක්. පහුගිය කාලයේ මම ටිකක් මහත් වුනා. හැබැයි කාලයත් එක්ක මම ආයේ යතාතත්වයකට පත්වුනා. ඒකට මම කරපු ලොකුම දේ ව්‍යායාම් කරපු එක.⁣ ඒ දේවල් එක්ක මගේ ශරිරයේ රිද්මය ආයේත් තිබුන විදිහටම පත් වුනා.”

ඔබ ජනප්‍රිය වුනේ කොහොමද ?මම සිරස සුපර් ස්ටාර් එකට ඇවිත් අවුරුදු 12ක් විතර වෙනවා. හැබැයි එදා මුලින්ම ලැබුන ආදරේ වගේම ප්‍රේක්ෂක ආදරයක් මට ලැබෙනවා. ඒ ආදරේ කිසිම වෙනසක් මට සිද්ධ ⁣වෙලා නෑ. දැන් රියලිටි කියන දේ සාමාන්‍ය වෙලා. මොකද හැම තැනම රියලිටි කියන දේ තියෙනවා. අපිට ඒ තරම් ආදරයක් ලැබුනේ රියලිටි කියන දේ අලුත් නිසා. මම හිතන්නේ ඇත්තටම රියලිටි කියන දේ අඩු වෙන්න ඕනි. එතකොට අපිය නමක් දිනාගන්න පුළුවන්.”

ගෙදර ඔබ ගෙවන ජිවිතේ ගැන කතා කලොත්,? “හරිම සුන්දර ජිවිතයක් ඇත්තටම මම ගෙවන්නේ. මොකද මගේ සැමියා මාව හොදට තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසා ඒ ආදරේ මට වෙනසක් නෑ. දරුවෝ දෙන්නා එක්ක ගෙවන ජිවිතේ පවා හරිම ආදරණියයි. මොකද එයාලා එක්ක ඉද්දි කාලය ගෙවෙනවා මට තේරෙන්නේ නෑ. අනික මම ගොඩක් ට්‍රැවල් කරන්න ආස කෙනෙක් ඉතින් මම සැමියා එක්ක ගොඩක් සතුටින් ඉන්නවා. ඒ වගේම පාර්ටි වලට යන්න ආස කෙනෙක්. හැබැයි දැන් වැඩිපුරම මගේ කාලය ගෙවෙන්නේ ගෙදර දරුවෝ එක්ක. මට ඉතින් සැමියාගෙන් වුනත් ලොකු සහයෝගයක් ලැබෙනවා පවුල් ජිවිතේ ඇතුලේ”

ඔබ ගායිකාවක් විදිහට ඔබේ රස වින්දනය ගැන කතා කලොත්, “මම හැම ගීත ශෛලියක්ම රස විදින කෙනෙක්. නව ආරයේ පැරණි ගීත මේ ඕනිම ගීත ආරයක් රසවිදින්න පුළුවන් වින්දනයක් මට අයිති වෙලා තියෙනවා.” ඔබ ගීත කියක් විතර නිර්මාණය කරලා තියෙනවද? ”මම ගීත 15 ක් පමණ නිර්මාණය කරලා තියෙනවා. එයින් බොහෝ ගීත ජනප්‍රිය වුනා. අද තත්වය එක්කයි ගීත වලට තියෙන තැන අඩුවෙලා තියෙන්නේ. මොකද මාධ්‍ය පවා වැඩිවෙලා නිසා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *