වයස අවුරුදු 12දී කලාවට පිවිසෙන ඇය කාංචනා මෙන්ඩිස්. ඉතින් මේ සූදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්න. ජීවිතයේ ඔබට ආපස්සට යන්න ලැබිලා ඔබ රඟපෑ චරිතයක් වෙනස් විදිහට රඟපාන්න අවස්ථාව ලැබුණොත් ඔබ රඟපානවද, ඇත්තටම මට එහෙම අවස්ථාවක් ලැබුණොත් මට හිතෙනවා ඒ කාලෙට වඩා මම දැන් හොඳට කරයි කියලා. ඊට විශේෂිත ම හේතු මේ වන විට මම අත්දැකීම් බහුල නිසා. එදා මම රඟපෑ චිත්‍රපටයක අද මම රඟපානවා නම් එදා දෙබස් අද මම හොඳට කියන්න ඉඩ තියෙනවා.
ඔබ ටෙලි නාට්‍ය තුළින් රංගනයට පිවිසුණා ත් ඔබට සිනමා මාර්ගය තුලට යන්න පාර විවෘත වුණා නේද, ඇත්තටම ඒ අතින් මම හරිම වාසනාවන්ත කෙනෙක්. ගොඩක් අය හිතනවා ටෙලි නාට්‍යවල ජනප්‍රිය චරිත වලට සිනමාවට එන්න අවස්ථාව නැහැ කියලා. මට නම් එහෙම දෙයක් සිද්ද වුණේ නැහැ. මගේ මුල්ම සිනමා රංගනය රාජ්‍ය සේවය පිණිසයි. එහිදී මට හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුණා. ජනප්‍රිය මෙන්ම හොඳම නිළිය සම්මානයත් මට ලැබිලා තියෙනවා. හැමදේටම අමතරව දකුණු ඉන්දීය චිත්‍රපට දෙකකටත් මම සහභාගි වුණා.
ඔබට සම්මාන ලැබිලත් ඔබ කලාවෙන් සමු අරගෙන නේද, ඇත්තටම මම කලාවේ කලාවෙන් සමු අරගෙන නැහැ. කලාවෙන් මෙහෙම ඈත්වෙලා ඉන්න එකත් මට ලේසි පාසු දෙයක් නෙවෙයි. හැබැයි මම මගේ පවුලට මූලිකත්වය දුන්නා. හැබැයි මට හොඳ චරිතයක් ලැබුණොත් මම ලංකාවට ඇවිත් ඒක රඟපාලා යනවා.
ලංකාවේ කලා අධ්‍යක්ෂකවරු ඔබෙන් හරියට ප්‍රයෝජන ගත්තේ නැද්ද, ඇත්තටම මට එහෙම දෙයක් හිතිලා නැහැ. මොකද මම ලංකාවෙන් පිට උනේ මගේ වෘත්තිමය ජීවිතය සාර්ථක වුන යුගයක. ඒ ගැන මට දුකක් නැහැ. මම මගේ ස්වාමියා සහ දරුවන් සමඟ සතුටින් ජීවත් වෙනවා. හැබැයි මම බලාපොරොත්තුවෙන් ඉන්නවා හොඳ චරිතාංග නිළියක් වෙන්න. ඒ වගේ චරිතයක් රඟපාන්න මම ලංකාවට එන්නත් දෙපාරක් හිතන්නේ නෑ.