‘මම සල්ලි වලට ගන්න පුළුවන් නිලියක් නෙවෙයි’ සේමිණී ඉද්දමල්ගොඩ කියන කතාව

2017 වසරේ ජනාධිපති සම්මාන උළලේ ජනප්‍රිය නිළිය ලෙසට සම්මානය හිමි කරගත්තේ සේමිණි ඉද්දමල්ගොඩ. වර්තමාන⁣ කාලයේ ඇය වැඩිපුර දකින්න නොලැබෙන රංගන ශල්පිනි චරිතයක්. ලංකාවක් ආදරේ කරපු ‘යර්ස් බොස්’ ටෙලිනාට්‍ය හරහා වඩාත් ජනප්‍රිය වු ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ.

ඔබ ජනතාව අතරේ වඩාත් ජනප්‍රිය චරිතයක් නේද? “ඔව් මට සිනමාව වුනත් ⁣අලුත් දෙයක් නෙවෙයි. මම ටෙලිනාට්‍ය වල රඟපාන්නේ තෝර බේරගෙන. ලැබෙන හැම චරිතයම මම රංගනයට තෝරගන්න නෑ. ගොඩක් නළු නිළියන් මගේ මම ලැබෙන හැම චරිතයක්ම රඟපාන්නෙ නැහැ. ඒකට හේතුව මම සල්ලි වලට ගන්න පුළුවන් රංගන ශිල්පිනියක් නෙවෙයි. අද ලංකාවේ ගොඩක් නිර්මාණ බිහිවෙන්නේ හොඳ නිර්මාණ නෙවෙයි. ඒ නිසාම තමයි මම ගොඩක් දුරට ටෙලිනාට්‍ය තෝරා තෝරා බේරාගෙන රංගනයට සම්බන්ධ වෙන්නේ.”

ඔබට සිනමාව ටෙලිනාට්‍ය පමණක් නොව වේදිකාව ද නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි⁣ නේද? “ඔව් ඒක ඇත්ත. මට වේදිකාවද හුරුපුරුදුයි. කරුවල ගෙදර, කම්මිත්ත, වරා මල් ආදී නිර්මාණ මට ගොඩක් විශේෂයි. බුද්ධික දමයන්තගේ පුංචි ආදර බලකිරීමක් නාට්‍යයේ හොඳම නිළියට රාජ්‍යය නාට්‍ය උළලේ නම් අතරට මගේ නම නිර්දේශ වුණා.”

ඔබ ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුනේ ‘යකඩ පිහාටු’ සිනමාපටය හරහා නේද ? ”ඔව් මම හැමෝම කතාකරන චරිතයක් බවට පත්වුණේ ඒ සිනමාපටයෙන් පස්සේ. ඒ නිර්මාණයෙන් පස්සේ මට ඒ වගේ නිර්මාණ රැසකටම ආරාධනා ලැබුනා. ඇත්තම කියනවනම් මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුනේ ඒ සිනමාපටය. සේමිණී කියන නිළිය බිහිකළේ ඒ නිර්මාණය”

Leave a comment

Your email address will not be published. Required fields are marked *