Sat. Jun 25th, 2022

රිතූ ආකර්ශා ඇය නොදන්න කෙනෙක් නැති තරම්. එය මෙරට දක්ශ වගේම සුන්දර රංගන ශිල්පිනියක්.ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. කලක් නිරන්තරයෙන් පුංචි තිරයේ දැකිය හැකි චරිතයක් වුන රීතු මේ දිනවල ඉතාම අඩුවෙන් තමයි පුංචි තිරය තුළ දකින්න ලැබෙන්නේ. එයට හේතුව අපි රිතූගෙන්ම අහන්න හිතුවා. ඇත්තටම මාව දැන් නිරන්තරයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මම රඟපාන්නේ දැන් තෝරා බේරගෙන. මොකද මේ ක්ෂේත්‍රය තුළ දැන් අපි නමක් හදාගෙන ඉවරයි. ඒ නිසා දැන් අපි හොඳ නිර්මාණ කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඉතින් කරන චරිතය හොඳ අධ්‍යක්ෂවරයෙක් හොඳ නිෂ්පාදකවරයෙක් යටතේ කරන්න තමයි මම දැන් බලාපොරොත්තු වෙන්නේ.

රිතූ කියන්නේ වෘත්තියෙන් ම රංගන ශිල්පිනියක්. තෝරා බේරාගෙන රඟපාන චරිත වලින් ඔබට ජීවත්වෙන්න මුදල් හම්බ වෙනවද, මට ඒක කරන්න පුළුවන්. මොකද ලොකු ලොකු හීන වලට යනවට වඩා හෙමින් ගමනක් යන එක මට වටිනවා. කෙනෙක් මාසෙකට උපයන ගානකට වඩා අපි චරිත තෝරා තෝරා බේරෙන රඟපෑවත් අපිට මුදල් හොයාගන්න පුළුවන්. ඉතින් මට ඒ ලැබෙන මුදලින් මගේ ජීවිතය ගත කරන්න පුළුවන්.අනිත් දේ තමයි මම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. ඒ නිසා මම මුදල් පසුපස හඹා යන්නේ නැහැ.

ලඟදිම විවාහ වෙනවා කියන කතාව ඇත්තක්ද, මම කවදාවත් ක්ෂේත්රයේ කෙනෙක් එක්ක නම් විවාහ වෙන්නේ නැහැ. ගෙදරින් නම් දැන් බලකරනවා මට විවාහ වෙන්න කියලා. මොකද දැන් මගේ වයසත් හරි. තව කාලයක් යද්දී මට හරිම කෙනා හමු වෙයි කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොහොමත් තව අවුරුද්දක් වගේ කාලය ඇතුළත විවාහ වෙන්න සිද්ධ වෙනවා.

ඔබට ලැබෙන ප්‍රසිද්ධිය ඔබේ පෞද්ගලික ජීවිතයට බලපෑමක් ඇති කරලා තියෙනවද, මම මට ලැබෙන මිනිසුන්ගේ ආදරයට ගොඩක් කැමතියි. ලැබෙන ජනප්‍රියත්වය හමුවේ මගේ ඔළුව ඉදිමවා ගන්න තරම් මම මෝඩ නැහැ. මම ගොඩක් මහන්සියෙන් දුක්විඳලා තමයි මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරය ලබාගෙන තියෙන්නේ. ඇත්තටම ඒ ගැන මට තියෙන්නේ නිහතමානී සතුටක්. රංගනය ගැන දන්න රංගනයේ ඉන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් කොච්චර හිටියත් මිනිසුන්ගේ ආදරය ලබන්න පුළුවන් ඉතාම සුළු පිරිසකට. සමහරු මගේ ලඟට ඇවිල්ල ඔයා තමයි මම ආසම නිළිය කියද්දී මට පුදුම තරම් සතුටක් දැනෙනවා. දවසක මම ආසයි ස්වප්නා මල්ලවආරච්චි වගේ කෙනෙක් වෙන්න. ඇය තමයි මම කැමතිම නිළිය. කොහොම වුණත් මම කැමතියි රිතූ ආකර්ෂා විදිහට මේ ලැබෙන ආදරය හැමදාම තියාගන්න.

ඔබට ලැබෙන නිර්මාණ ගුණාත්මක නිර්මාණ ද, මම හිතන්නේ රංගන ශිල්පියෙකුට වැදගත්ම දේ තමයි පිටපත. මට සමහර රංගන අවස්ථා ලැබිලා තියෙනවා පිටපත කියවන්න කියවන්න ආස හිතෙන. මම කොහොමත් පිටපත කියවලා ගුණාත්මක නිර්මාණයක්ද යන්න හිතලා බලලා තමයි නිර්මාණයට සම්බන්ධ වෙන්නේ.