අපේ පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුශංකා කියන්නේ, නිතර නිතර පේන්න නැතිවුනත් ඇය රඟපෑ චරිත නිසා මහේෂි ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රියයි. ඉතින් අපි මහේෂි එක්ක ටිකක් කතා කරන්න හිතුවා. මහේෂි කොහොම ද මේ දවස්වල ජීවිතේ? ගොඩක් සන්තෝසෙන් පරිස්සමින්, සෞඛ්‍යාරක්ෂිතව සිටිනවා. ස්වර්ණවාහිනියේ විකාශනය වුන ‘ඇය’ ටෙලිනාට්‍යට සම්බන්ද වෙලා හිටියා. දැන් ඒකත් ඉවර වෙලා ටිකක් කාලයක් වෙනවා. ඉතින් අලුත් නාට්‍යකට සම්බන්ද වෙන්න හිතාගෙන ඉන්නවා”
පුංචි තිරයේ ඉන්න ගොඩක් රංගන ශිල්පිනියන් රිදී තිරයේ සාර්ථක වෙන්නේ ගොඩක් අඩුවෙන්. එහෙම වෙන්න හේතුව මොකක් කියලද ඔබ හිතන්නේ. ”මෙහෙමයි පුංචි තිරයට රිදී තිරයට කියලා කොටුවෙන්න හොඳ නෑ. මං මේ ක්ෂේත්රයට පිවිසෙන්නේ සිනමාපටයකින්. ඒ නිසා ගොඩක් අධ්‍යක්ෂකවරු මට කිව්වා ටෙලිනාට්‍යවලට සම්බන්ද වෙන්න එපා කියලා. එක ෆිල්ම් එකක් කලාම අපිට ආයේ ෆිල්ම් එකක් ලැබෙන්නේ මාස දෙකකට තුනකට පස්සේ. ෆිල්ම් එකක් කලත් ඒක තිරගතවෙන්න අවුරුද්දක් දෙකක් යනවා. මම ෆිල්ම් එකක් කරලා අවුරුදු 2ක් විතර එක වෙන වැඩ බාරගත්තේ නැතුව හිටියා. ඒක වෘත්තිය මට්ටමෙන් අවාසි දෙයක්. ඉතින් පුංචි තිරයේ උනත් රිදී තිරයේ උනත් තමන් කැපවීමෙන් වැඩ කරනවනම් ඕනෑම තැනකදී සාර්ථක වෙන්න පුළුවන්”
ඉතින් දැන් මේ කියන්න යන්නේ මහේෂි ගැන වෙනස්ම කතාවක් ඒ තමයි පසුගිය හිරු නාලිකාවේ පැවැත්වුන අවුරු උත්සවේ දී බොරු කියන තරඟයෙන් දිනලා. ඇය ඒ සුදුවීම විස්තර කලේ මෙහෙමයි ”මමයි හස්බන්ඩ් දෙන්නම තමයි අවුරුදු උත්සවේට සම්බන්ද වුනේ. ඉතින් බොරු කියන තරඟයේදී මම කිවුවා මම සම්පත් එක්ක යාලුවෙන්න කලින් වෙන මේ ලෝකේ වෙන කාත් එක්කවත් යාළුවෙලා නෑ. මම කලින් පිරිමියෙක් අල්ලලවත් නෑ කියලා කිවුවා. හැබැයි ඒ තරඟයෙන් මම දින්නා”