මම සංගීත්ට ගොඩක් ආදරෙයි – හැමෝටම සුබ ආරංචියක් සංගීත් දිනිති විවාහය තීන්දුයි?

සිනමාව හරහා රංගනය ඇවිත් රංගනය ලබා දුන්න පළවෙනිම නාට්‍යයෙන් ලංකාවේ හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වුණ සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ, ඒ වගේම සමාජ ජාලා හරහාත් දිනිති වල්ගමගේ ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි දැන් මේ කතා කරන්න සුදානම් වෙන්නේ දිනිති වල්ගමගේ එකක්ක,

දිනිති ඔබගේ රැකියාව සහ රංගනය කියන්නේ එකිනෙකට වෙනස් පාරවල් දෙකක්, ඉතින් අපිට කියන්නකෝ බලන්න දිනිති කොහොමද රංගනයට පිවිසෙන්නේ..? ” සිනමාව තමයි මගේ කලාවේ පිවිසීම, අශෝක හඳගමගේ අක්ෂරය සිනමාපටය හරහා තමයි මම රංගනයට පිවිසෙන්නේ, ඊටපස්සේ මට හදිස්සියේම මගේ අධ්‍යාපන කටයුතු සඳහා මම ඉන්දියාවට යනවා, ඉතින් ඒ කාලේ මට රංගනයෙන් ඈත්වෙන්න වෙනවා, උපාදියෙන් පස්සේ මම ආයේ ලංකාවට එනවා, එහෙම ඇවිත් ඉද්දී තමයි චාමර සමරවික්‍රමගේ හාරකොටිය ටෙලිනාට්‍ය හරහා නැවත රංගනයට එන්න අවස්තාව ලැබෙන්නේ, ඊටපස්සේ මම දිගටම රංගන ක්‍ෂේත්‍රයේ නියැලෙනවා”

ගුවන්සේවිකාවක් වීම පොඩි කාලේ ඉඳලම දැක්ක හීනයක්ද..? මම අධ්‍යාපනය හැදෑරුවේ ගාල්ල සංඝමිත්තා බාලිකාවෙ, මම ඒ කාලේ රංගනයට ගොඩක් දක්ෂයි, පාසල් කාලේ මම අපේ පාසලට සමස්ත ලංකා හොඳම නළුවා, නිළිය සම්මාන දෙකම හිමි කරලා දුනා, මොකද අපේ පාසල බාලිකා පාසලක් නිසා පිරිමි චරිත කරන්නෙත් අපි, මගේ අම්මා ගණිත ගුරුවරිය, තාත්තා ගුරු උපදේශකවරයෙක්, ඒ දෙන්නට ඕන වුනේ මාවත් උපාධිධාරිනියක් කරන්න, හැබැයි මට ඕන වුනේ ලෝකේ වටේ යන්න, ඒකට සල්ලිත් ඕන නේ ඉතින් මම බැලුවා මොකද්ද ඒකට හරියන රස්සාව කියලා, එතනදි තමයි මං සල්ලිත් ලැබෙන ලෝකෙත් දකින්න පුළුවන් මේ රස්සාව තෝර ගත්තේ. එක මගේ හීනයක් තමයි”

මොකද දිනිති සංගීත් එක්ක තියෙන සම්බන්දය, ”මෙහෙමයි ඔය කතාවට මුලික හේතුව වෙලා තියෙන්නේ මම සන්ගීත් ගේ යූටියුබ් චැනල් එකට වගේම මම එයාගේ පවුලේ අය සමීපව සම්බන්දයක් පවත්වන නිසා වෙන්න ඇති, ඇත්තරම සංගීත් මගේ හොඳ යාලුවෙක්, හැබැයි යාළුකමට එයා ගියපු සම්බන්දයක් අපි අතර තියෙනවා, හැබැයි එයා කවදාවත් මගෙන් කැමතිද අහලා නෑ, හබයි අපි අතරේ ලොකු බැඳීමක් තියෙනවා, මම සන්ගීත්ට ගොඩක් ආදරෙයි, මට තේරෙනවා එයත් එහෙමයි, හැබැයි විවාහය කියන දේ ගොඩක් සංකීර්ණ දෙයක්, ඒකට ගොඩක් හොඳ අවබෝදයක් තියෙන්න ඕන ඉතින් අපි අතෙරේ ඒ අවබෝදය තියෙනවා ඉදිරියේදී අපි විවාහ වෙන්නත් පුළුවන්”

Related Posts

Leave a Reply

Your email address will not be published.