Sat. May 21st, 2022

ඇය දක්ෂ නිරූපණ ශිල්පිනියක්. නිල් මන් මොහොත තීරයේ ගීතය හරහා වඩාත් ජනප්‍රිය වුණ ඇය නිරූපණ ක්ෂේත්‍රය වැඩිම මිලක් අය කරන නිරූපිකාව විදිහට ද ඇයව හඳුන්වනවා. නමින් ඇය ටීනා ශනෙල්. මේ සූදානම අය ගැන කතා කරන්න. ඔබ ආව ගමන ගැන ඔබ සතුටු වෙනවද, ඇත්තටම ඔව් මම ආව ගමන ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම මේ කේෂ්ත්‍රයට ඇවිත් දැන් අවුරුදු දහයකට වැඩි. මට ප්‍රේක්ෂකයින්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මියුසික් විඩියෝ ෆොටෝ ෂුට් වල මට කිසිම අඩුවක් නැහැ. මිනිසුන් මාව තියන්න ඕන තැන තියලා තියෙනවා. මම තමයි හොඳම නිරූපිකාව කියලා මිනිසුන් මට කියනවා.

අද ලංකාවේ වැඩිම මිලක් අය කරන නිරූපිකාව ඔබද, මම කාගෙවත් ගණන් අහන්න කෙනෙක්. හැබැයි මම විශ්වාස කරනවා මේ ක්ෂේත්‍රයේ වැඩිම මිලක් අය කරන්නේ මම කියලා. මම වැඩක් කළොත් ඒක ගොඩක් අය බලනවා. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මට ලැබෙන හැම නිර්මාණයකම ආරාධනා භාරගන්නේ නැහැ. මම කරන නිර්මාණයට තමයි මම මුදලක් ගන්නේ. නිරූපණ ක්ෂේත්‍රයේ මුදල් අතින් ගත්තහම මම ලොකු තැනක ඉන්නවා.

කොවිඩ් කාලේ ඔබට වැඩ තිබුණෙ නැද්ද, මට එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. මේ ක්ෂේත්‍රයේ කඩාගෙන වැටෙන තැනට ආවත් මට තවමත් වැඩ තියෙනවා. මේ ක්ෂේත්‍රයේ මම තරම් කැප වෙන තවත් නිරූපිකාවක් නැති තරම්. ඒ ගැන මම හැම වෙලාවකම සතුටු වෙනවා. ගොඩක් වැඩ එක්ක මම කාර්යබහුල චරිතයක් වෙලා. මට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නය තමා මට දින නැති එක. මම හිතන්නේ මම තමයි ලංකාවේ වඩාත්ම බිසී නිළිය. පෞද්ගලිකව මම කැමැතියි කෙටි නිවාඩුවක් ගන්න. මොකද මම ගොඩක් වැඩ කරන කෙනෙක් නිසා.

ඔබ දැන් චිත්‍රපට බාර ගන්නේ නැද්ද, ඇත්තටම පහුගිය කාලේ මම චිත්‍රපට භාරගත්තේ නැහැ. චිත්‍රපට ක්ෂේත්‍රයේ කඩාවැටීමකට ලක්වෙලා නිසා ලොකු නිර්මාණවලට ආරාධනා ලැබුණොත් නැහැ. මම දැන් ටෙලි නාට්‍ය පැත්තට යොමු වෙලා ඉන්නේ .

ඔබ මිල අධිකම නිරූපිකාවක් වෙද්දි ඔබ මේ වෙද්දි සැප පහසු ජීවිතයක් ගත කරනවා ඇති නේද, ඇත්තටම සල්ලි හෙව්වට මම මට කියලා කිසි දෙයක් කරගෙන. අඩුම තරමේ ⁣ගෙයක්වත් හදාගෙන නැහැ. මටම කියලා ගෙදරක් හදාගන්න ලොකු ආසාවක් තියෙනවා. හැබැයි හොයගන්න සල්ලි වලට මොනා වෙනවද කියලා මට හිතාගන්න බෑ. මම අනිත් අයටත් උදව් කරනවා. අවුරුදු 10 ක් ගතවෙලා මම මටම කියලා දෙයක් කරගත්තේ නැත්තෙ ඇයි කියල මම හිතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *