Sat. Jun 25th, 2022

මේ කතාව ටිකක් පැරණි කතාවක් වුනත් ගොඩක් අය කතා කරන කතාවක්. හැබැයි මේ කතාව ලංකාවේ කෙනෙක් ගැන නෙවෙයි ඉන්දියාවේ. මේ අජෙයි දෙව්ගන් ගැන තමයි කතා කරන්න යන්නේ. අජෙයි එක්ක අනියම් සම්බන්ධයක පැටලෙන්නේ කන්ගනා රනවුත් කියන්න කවුරුත් දන්නවා. ඇය තමා සුශාන්ත්ගේ මරණයත් එක්ක ලොකු අතු අල්ල ගිය කෙනා. කොහොම හරි සුශාන්ත්ගේ මරණය මිනිමැරුමක් බවට පත් වෙද්දි රසිකයන් පවා ඇයට ⁣චෝදනා කරන්න පටන් ගත්තා.

කොහෙම වුනත් බොලිවුඩයේ බොහෝ නළුවන් සමඟ අනියම් සබදතා ඇය පවත්වා තිබෙනවා. අන්න එහෙම සම්බන්ධතාවයක් පවත්වපු කෙනෙක් තමා අජෙයි කියන්නේ. එක්තරා චිත්‍රපටයකින් තමා ඔවුන්ගේ ප්‍රේමය පටන් ගන්නේ. ඒ ආදරය කාටවත් රහසක් නෙවෙයි. එසේ වෙතත් මේ සම්බන්ධ දිගින් දිගට නොගියේ කන්ගනා කැමති වුණත් අජෙයි කන්ගනා හා විවාහ වෙන්න අකමැති වීමයි. එයට හේතුව කාජල් අජෙයි අත් නොහැර යාමයි.

කෙසේ වෙතත් මේ අනියම් පෙමට තිත වැටෙද්දි කන්ගනා එක්තරා තැනකදි කියලා තිබුනේ විවාහකයෙකු සමඟ සම්බන්ධ විම ඇගේ වරදක් බවයි.