Tue. May 17th, 2022

මේ දවස්වල විකාශනය වන අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ‘බන්ධනා’ කියන්නේ, ඉතින් මේ ටෙලිනාට්‍යයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි හිරාන් කියන්නේ. හිරාන් රංගන ශිල්පියෙක් ලෙස අවසන් වරට දැකගන්න ලැබුනේ පාලිත මහීරත්නගේ ‘විසුල අහසයට’ නාට්‍යයෙන්. ඒ මීට මාස හතරකට පමණ කලින්. ඉතාම දීර්ග නිවාඩුවකින් පස්සේ තමයි හිරාන් මේ වනවිට ‘බන්ධනා’ ටෙලිනාට්‍ය හරහා සම්බන්ද වෙන්නේ. වසර ගණනාවක් කලාවේ නියැලුණත් හිරාන් ලංකාව කතා කරන චරිතයක් වෙන්නේ ඔහුගේ විවාහයෙන් පස්සේ. එයට හේතුව තමයි හිරාන් විවාහ වෙන්නේ ලාංකේය දේශපාලනේයේ බලවත් කාන්තා චරිතයක් වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමග, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ හිරාන් යට්ටෝවිට සමග.

පසුගිය කාලයේ ඔබ දකින්න හිටියේ නෑ, හිරාන් මොනවද කලේ ”පහුගිය වසර කිහිපයේම මම උත්සහ කලේ මම ආර්ථික අතින් ස්ථාවර වෙන්න. ඒ නිසා මගේ දේපල හා ව්‍යාපාර සම්බන්දව මහන්සි වුනා. ඒ අතරේ මගේ නෝනගේ දේශපාලන වැඩවලට එයාගේ පිටිපස්සෙන් හිටියේ මම, මම එයාට උදවු කරන්න ඕන ඒක මගේ යුතුකමක්”

ඇයි හිරුනිකා ඔබ රඟපානවට කැමති නැත්තේ ”මෙහෙමයි එයාගේ අකමැත්තට වඩා මට ඕන වුනේ මගේ පවුල් ජීවිතය හොඳට කරගෙන යන්න, බබාලා තුන්දෙනා එක්ක මාත් හිරුනිකාත් තරමක් කාර්යබහුලයි, ඉතින් මම එයාට සහයදෙන්න ඕන කියලා හිතුවා. එයා දේශපාලනෙත් එක්ක කාර්යබහුල නිසා මගේ උදවු එයාට අවශ්‍යම කාලයක් ඒක,”

කොහොමද විවාහ ජීවිතේ රසයිද ? ”අපි බැඳලා අවුරුදු 7ක් වෙනවා රස නැත්තන් මෙහෙම ඉන්න බෑ නේ, අපි ගොඩක් ආදරණීය ගමනක් යන්නේ වාද විවාද දුක සතුට හැමදේම අපේ විවාහ ජීවිතය තුල තියෙනවා. මම හිතපු විදියේ කෙනෙක් තමයි හිරුනිකා කියන්නේ, අපි දෙන්නා අතර අන්‍යොන්‍ය සම්බන්ධය, වටහා ගැනීම හරියට ගැළපෙනවා. ඒ වටහා ගැනීම නිසාම තමයි,මම කලා කටයුතුවලින් පවා ඈත් වුණේ.”

හිරුනිකා කියන්නේ නිතරම ලස්සනට අඳින පළඳින පිළිවෙලට ඉන්න කෙනෙක්. ඉතින් හිරාන් කැමතිම හිරුනිකා වැඩිපුරම කොහොම අඳිනවටද ”ඇත්තටම ඇය ගොඩක් විශේෂයි නිතරම පිළිවෙල ගැන හිතන කෙනෙක් තමයි හිරුනිකා කියන්නේ, දැන් නම් එයා ගොඩක් අඳින්නේ සාරි, හැබැයි මම නම් කැමති එයා ගවුම් අඳිනවට මොකද මට එයා ලස්සනටම පෙන්නේ ගවුමට”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *