Tue. May 17th, 2022

ගයාන් වික්‍රමතිලක කියන්නේ ලංකාව හඳුනන දක්ෂ රංගන ශිල්පියෙක්. පුංචි තිරය හරහා රංගනයට පිවිසි ගයාන් පසුව සිනමාදිවියට පිවිසෙනවා. ඒ වගේම මේ වනවිට ගයාන් සිනමාපට 6කට සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. ඒ වගේම ඔහු පසුගිය කාලයේ ගයාන් දේශපාලන පිටියට එන්නත් උත්සහ කළා. ඉතින් අද අපි කතා කරන්නේ හැමෝම ආදරේ කරන්නේ ගයාන් වික්‍රමතිලක සමග.

ගයාන් දැන් දේශපාලන වේදිකාව පැත්තේ වැඩිය පේන්න නෑ ඇයි ඒ ”මෙහෙමයි මගේ දරුවෝ වගේම අනිත් දරුවෝ ගැනත් මට ලොකු උවමනාවක් තිබ්බා. ඒත් ඒ විශ්වාසය සමහර තැන්වලදී කැඩිලා ගියා. හැබැයි මම තාම ඒ අදහස අත්හැරලා නෑ, තනි මහන්සියන් හරි මම ඒ දේවල් කරනවා. හැබැයි මේ දවස්වල මම කටවහන් පැත්තකට වෙලා ඉන්නවා. දැන් මට අවුරුදු 41ක් මගේ දුවට අවුරුදු දෙකහමාරයි. මගේ දුව වෙනුවෙන් තාත්තා කෙනෙක් විදියට මම මේ කරන දේවල් වටිනවා කියලා මම හිතනවා. සමහර අය අදටත් මගේ පොස්ට් උඩට අරන් අහනවා ගයාන් ලජ්ජා නැද්ද කියලා. මම කියන්නේ මගෙන් විතරක් නෙවෙයි ඒ දේට හැම චන්ද දායකයෙක්ම වගකියන්න ඕන.”

ඔබේ කලින් විවාහය පිලිබඳ හැමෝම වගේ කතාවුන මාතෘකාවක්. ආරාධනා කියන්නේ ඔබගේ තුන්වන දියණිය ඇය කොයිතරම් ඔබේ ජීවිතය වෙනස් කලාද, ”ජීවිතේට ආදරේ කරන්න හිතෙන තරමටම එයා මාව ගොඩක් වෙනස් කළා. ඒකට හේතුව තමයි මගෙයි චතුරිකාගෙයි දුවගෙයි බැඳීම, ඒ විතරක් නෙවෙයි අපේ අම්මත් බලපානවා,

චතුරිකා ගැන මොකද හිතෙන්නේ ‘අද මම මේ වගේ තැනක ඉන්නේ චතුරිකා නිසා මම වගේ මනුස්සයෙක් කන්ට්‍රෝල් කරන්න චතුරිකාට ටිකක් ආමාරුයි, හැබැයි චතුරිකා කියන්නේ පොඩි පොඩි දේටත් මගේ ඔලුව කන කෙනෙක් නෙවෙයි, අපේ පවුලේ බොන්ඩ් එක හදන්නේ චතුරිකා, මම ගන්න තීරණ වලට එයා බලපෑම්, හැබැයි මම කරන දේවල් වැරදිනම් එයා ඒවා පෙන්නලා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *