Fri. Jan 28th, 2022

සජි නිසංසලා මොහොට්ටිගේ කියන්නේ මේ වන විට රටක් ආදරේ කරන පුංචි තරුවක්. සුන්දර දක්ෂ මේ තරුවගැන කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. හිරු tv වින්දනීය උදෑසන මගින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය ඒ ගැන පවසා සිටින්නේ මේ වගේ අදහසක්, ”මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ හිරු එකට යන්න ගත්තට පස්සෙ, මගේ ජීවිතයේ හර උණ එතන කිව්වොත් මම හරි. ඉතාම කෙටි කාලයක් තුළ මෙතරම් ජනප්‍රිය වෙන්න මට පුළුවන් වුණේ හිරු නිසා.

මගේ මුලු දවසම ගෙවෙන්නේ හිරුත් එක්ක. මට දවස යනවා තේරෙන්නෙ නෑ. මම ආවට වඩා දුරක් මේ වෙද්දි සාර්ථක වෙලා තියෙනවා. ඉදිරියටත් හිරුත් එක්ක මගේ ජීවිතේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ වෙද්දි මම නිවේදිකාවක් හඬකැවීම් ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වි හමාරයි.

සජි විලාසිතා කරන කෙනෙක්ද, මම ගොඩක් සරලව ජීවත් වෙන්න කැමැති කෙනෙක්. ඒ නිසාම සරල ඇඳුම් පැළඳුම් තමයි මම භාවිතා කරන්නේ. මම ලොකු ලොකු දේවල් පස්සෙ යන කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ මගේ සරල කම තමයි මගේ ෆැෂන් එක.

මට ලැබෙන රසික ආදරේ නිසාම ප්‍රේම ආරාධනා වලිනුත් අඩුවක් නෑ නේද, ඇත්තටම ඒ කතාව හරි. හැබැයි මම ගොඩක් අය ආශ්‍රය කරන කෙනෙක් නෙවෙයි. ඒකට හේතුව මම බයයි ගොඩක් අයව ආශ්‍රය කරන්න. මොකද මම කෙනෙක් ඉක්මනින් විශ්වාස කරනවා ඒ මම වගේම ඇති කියලා හිතලා. ඒක මගේ වැරද්දක් වෙන්න පුලුවන්. හැබැයි මම හිතනවා වගේ හැමෝම එක වගේ නැහැ. ඒ නිසාම ගොඩක් තැන්වලදී මම ගොඩක් අයව මගහරිනවා. යාලුකම කියන දේ මම පරිස්සමෙන් හදවතේ තියාගන්නවා. මට තවම පෙම්වතෙක් නැහැ. කාලයට ඉඩදීලා ඒ දේවල් ගැන මම බලාගෙන ඉන්නවා.

ඔබ සුදු වෙන්න මොකද කරන්නේ, කට කතා වලට කවුරු කිව්වත් මම සුදු වෙන්න කිසිම දෙයක් කරන කෙනෙක් නෙවෙයි. මොකද ඇත්තටම ජනප්‍රිය වෙන්න සුදු කියන දෙය අවශ්‍ය නැහැ. එහෙම හිතලා සුදු වෙන්න මට බලාපොරොත්තුවකුත් නෑ. මම මගේ පෙනුමට කැමතියි. අනික කටකතා ගැන හිතන කෙනෙක් නෙවෙයි මම. මම කවුද කියන්න මම දන්නවා. පින නිසාම සුදු වෙන්න මම කිසි දෙයක් කලේ නෑ කියන්නත් මම දන්නවා .

නිවේදිකාවක් වුන ඔබ දැන් රංගන ශිල්පිනියක්. කොහොමද රංගනයට ලැබෙන ප්‍රතිචාර, මෙහෙමයි මම සම්බන්ධ වුණ නිර්මාණය තවම විකාශනය වෙලා නැහැ. හිරු tv තුළින් ළඟදීම බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ නිර්මාණය. ඉතිං එතකොට බලමු රංගන ශිල්පිනියක් විදිහට මට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා. දැනට ඉතින් නිවේදිකාවක් විදිහට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *