‘මම රාජිත එක්ක කරපු දඟ වැඩ කියන්නත් බෑ’ ජනප්‍රිය නිලි නිලන්ති කියන කතාව

රංගනය නර්ථනය ඇයට ආදුනික නැත. නමින් නිලන්ති ඩයස්. ඉතින් ඇය ගැනයි අද අපි කතාකරන්න සුදානම් වෙන්නේ, නමුත් ඇගේ පෞද්ගලික ජිවිතේ ගැන නෙවෙයි මේ කතාව. ඇගේ හොදම යාළුවා ගැනයි මේ කතාව. නිලන්ති ලගින්ම ආශ්‍රය කරන යාළුවා කවුද, ”මම ගොඩක් යාළුවෝ ආශ්‍රය කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මට හොදම යාළුවෙක් ඉන්නේ ඒ රජිත හිරාන්. මම ලගින්ම ආශ්‍රය කරන කෙනා තමයි එයා.”

ඔබේ රජිතගේ යාළුකම පටන් ගන්නේ කොහොමද ? “මට රජිතව හම්බවුනේ මිට අවුරුදු විසි ගානකට කලින්. ඒ චිත්‍රපට මුහුණත් උළෙලකට ගිය දවසේ. ඒ කාලේනම් එයා ‘පිංපොං’ විදිහට හරි ප්‍රසිද්ධ කෙනෙක්. මම වුනත් ඒ කාලේ ගොඩක් ආස චරිතයක් තමා ‘පිංපොං’ කියන්නේ. ඉතින් ඒ නිසාම අපි හොද යාළුවෝ වුනා. එදා දැකපු දවසේ ඉදන් අපි හොද යාළුවෝ.”

රජිත ඔබේ යාළුකම ගොඩක් පැරණි නිසාම ඔබ රජිතගේ දකින අඩුපාඩු මොනාද? “රජිත ගොඩක් හොද කෙනෙක්. හැබැයි හැම දේකටම කට පරිස්සම් කරගන්නේ නැතුව කියවනවා. එයා කිසිම කෙනෙකුට බය කෙනෙක් නෙවෙයි. අනික අපි දඩබ්බර වැඩ කරනවා. මම වුනත් දඩබ්බර කෙනෙක්. මම රජිතලා එක්ක කරපු දඟ වැඩ කියන්නත් බෑ.”

ඔබේ රජිතගේ යාළුකම ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද? “රජිත කියලා කියන්නේ ගොඩක් සතුටින් ජිවත් වෙන කෙනෙක්. ඒ වගේම කාටද ප්‍රශ්න එන්නේ රජිත හැමෝටම උදව් කරනවා. රජිතට හොද අදහස් තියෙනවා. ඒ වගේම එයා කතාවට පවා ගොඩක් දක්ෂ කෙනෙක්. අපේ පවුල් අතරේ මොන දේ තිබුනත් පවුල් දෙකම ඒක ශෙයා කරගන්නවා. එයාගේ පවුලේ දෙයක වුනොත් අපි යනවා. අපේ පවුලේ දෙයක් තිබුනොත් එයාලා එනවා. කිසිම කුහකකමක් නෑ එයාගේ හිතේ. ඉතින් ඔය වගේ හැම හේතුවක් නිසාම තමයි අපි හොද තේරුම් ගැනිමකින් අපේ යාළුකම ගෙනියන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *