මම රට වෙනුවෙන් දුන්න වොයිස් කට් එකක් නිසා පොලිස්සියේ ඉන්න සැමියාට උසස්වීම් දෙන්නේ නෑ – සේමිණී ඉද්දමල්ගොඩ

අපේ රංගන ක්‍ෂේත්‍රයේ ඉන්න චරිතාංග රංගන ශිල්පිනියක් වගේම මලක් වගේ සුන්දර රංගන ශිල්පිනියක් තමයි සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ, විවිද නිර්මාණ හරහා ඔබව පිනවූ ආදරණීය රංගන ශිල්පිනියකවන සේමිණී සමගයි අද අපේ කතාබහ, ඉතින් සේමිණී අක්කේ කියන්නකෝ බලන්න ඔයාගේ පාසල් කාලය ගැන විස්තර ටිකක් ”ඒ කාලෙනම් හරිම සුන්දර කාලයක්, මොකද ඒ කාලේ මගේ අම්මයි තාත්තයි දෙන්නම පිට රට රැකියාවක් කළා, ඒ නිසා මට සිද්ධවුනා අම්මගේ අක්කා යාවට යන්න, ඒ ඇල්පිටියේ මියුරියල් ලොකු අම්ම ගාවට, ඉතින් එහෙ ඉද්දී මගේ පාසල් යන වයස ආවා ඉතින් මම ඒ පැත්තේ තියෙන කනිෂ්ඨ පාසලකට ඇතුලත් කළා, මම නියාගම කනිෂ්ඨ පාසලෙන් මාස හයක් විතර ඉගන ගත්තා, ඒ කාලේ සුන්දරයි කියන්නේ දැන් ළමයිට විඳින්න තියා හිතන්නවත් බැරි දේවල් අපිට ඒ කාලේ ලැබුනා, පයින් යන්නේ ඉස්කෝලෙට, වට පිටාවේ තියෙන ගස්වල ගෙඩි කකා හරිම විනෝදයි ඒ කාලේ,”

පුංචි කාලෙන් පස්සේ ඔබ කොළඹට එනවා කොහොමද කොළඹ ජීවිතේ ”කොළඹ ජීවිතේ හරිම අමාරු වුනා, මට සෑහෙන්න කාලයක් ගියා කොළඹ විදියට හැඩගැහෙන්න, විද්‍යාලයේ නේවාසිකාගාරය තමයි මට ඉන්න සිද්ධ වුණේ, මොකද මගේ අම්මයි තාත්තයි දෙන්නම රට හිටියේ, පොඩි කාලේ ඉඳන් නිදහසේ ඉඳලා එක පාරම හොස්ටල් එකට දැම්මම මට දරාගන්න බැරි උනා, ඒ වෙද්දී පවුලේ හිටියේ මම විතරයි, හැබැයි පස්සේ යාළුවො හදා ගත්තම ඒක ගානක් නැතුව ගියා, මම හය වසර විතර වෙනකන් හිටියේ හොස්ටල්වල, ඊටපස්සේ අම්මයි තාත්තයි ලංකාවට ආවා”

කලාවට සම්බන්ද වුනේ කොහොමද..? ”පාසේලන් ඉවත් වුනාම මට ඕන වුනේ ඉක්මනටම කසාද බඳින්න, ඒ වෙද්දීත් දම්මික මගෙත් එක්ක යාළුවෙලා හිටියේ, මට ඕන වුනේ විවාහ වෙලා ඉක්මනට ළමයි හදන්න, රඟපාන්න ආසාව තිබ්බා දෙමාපියන් අවසර දුන්නෙම නෑ, හැබැයි මම දම්මික එක්ක යාළුවෙලා ඉන්න දවස්වල පොඩි පොඩි ඒවාට සම්බන්ද වුනා, ඉස්සර ඉඳන්ම මගේ හිතේ දෙයක් තිබ්බා ඒ අපිට යමක් ලැබෙන්න නම් අපි ඒක සොයාගෙන යන්න ඕන කියලා,, කොමින් කොහොම හරි ඔහොම යද්දී කෝල් එකක් ආවා, ඊටපස්සේ සේමිණි මම ශ්‍රියානි අමරසේන කතා කරන්නේ කිවුවා, ඒ වෙද්දී මම දම්මික එක්ක හුංගම හිටියේ එයා ඒකාලේ පොලිසියේ OIC, ඉතින් මම ඇහුවා ශ්‍රියානි අමරසේන කියන්නේ අර නිලියද කියලා, ඔව් කිවුවම මට පුදුම හිතුනා, ඉටපස්සේ එයා කිවුව්වා සේමිණි මම කතා කලේ ‘ඉරබටු තරුව ටෙලිනාට්‍යයේ මගේ තරුණ කාලේ චරිතය නිරුපනය කරන්න කෙනෙක් හොයනවා දයාන් විතාරණ අයියා ළඟ තිබ්බ පොටෝ ටිකක් දැකලා ගත්තේ කියලා, මොකද කියන්නේ ඔයා කැමතිද ඇහුවා, ඉතින් මම දම්මික එක්ක කතා කරලා හා කිවුවා”

සේමිණී කියන්නේ කෙලින් කතා කරන චරිතයක්, ඉතින් මේ ප්‍රශ්නය නිසා ඔබට ප්‍රශ්න ඇතිවෙලා නැද්ද..? ”මෙහෙමයි මගේ සැමියා පොලිස් නිලධාරියෙක්, මගේ කෙලින් කතාව නිසා ඔහුගේ උසස්වීම් වලට පවා බලපෑම් ඇතිවෙලා, මම දුන්න පුංචි වොයිස් කට් එකක් නිසා, ඇත්තම කියනවනම් මම නිසා තමයි එයාගේ රැකියාවේ එක තැන හිරවෙලා ඉන්නේ, මම මගේ රටට අවශ්‍ය වෙලාවේ අවශ්‍ය තැනදී පෙනී හිටීම විතරයි කලේ, හැබැයි ඒක නිසා එයාට දැන් ලොකු අසාදාරනයක් වෙලා, ඉන්න ඕන තැනට වඩා දහස්ගුනයක් පහල තැනක එයා තාම ඉන්නේ, මොනවා කරන්නද ඉතින්”

Related Posts

Leave a Reply

Your email address will not be published.