‘මම රඟපාන්නේ සල්ලි හොයන්න නෙවෙයි ආසාවට’ ජනප්‍රිය නළු සමන්ත කියන කතාව

පුංචි තිරයේ මේ කාලය තුල ඔහුව දකින්න ලැබෙන නිර්මාණ ගණනාවක් තියෙනවා. ඉතින් මේ සුදානම සුවිශේෂී රංගන ශිල්පියකු සමඟ කතා කරන්නයි. නමින් ඔහු සමන්ත කුමාර ගමගේ. මේ දිනවල පුංචි තිරයේ ඔබ නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක් වෙලා නේද, ඇත්තටම ඔව් මේ දිනවල මම සම්බන්ධ නෑ වුණු නර්මාණ කිහිපයක්ම විකාශනය වෙනවා. මේ චරිත එකිනෙකට වෙනස් චරිත.මම සම්බන්ධ වෙලා ඉන්නේ විවිධත්වයෙන් යුතු චරිත සඳහා.සමහර නිර්මාණ වල අංග රචනයෙන් පවා මාව අඳුනගන්න බැරි විදිහට වෙනස් කරලා තියෙනවා .මට ගොඩක් සතුටුයි මේ වගේ විවිධත්වයෙන් යුතු චරිත මට ලැබීම ගැන.

ඔබ දේශීයත්වයට මුල්තැන දෙන කෙනෙක් නේද, ”මම හැදුනේ අනුරාධපුරයේ. අනුරාධපුරය කියන්නෙත් දුෂ්කර පළාතක්. ඉතින් නිර්මාණ ගැන අපි හිතන්නේ අපේ සීමාවේ ඉඳලා. මම පිටපතක් ලියන්නේ ඒ කටුක බව ද කැටි කරගෙන ම තමයි. මට දැනෙන හැගෙන දේ මම ලියනවා. ඉදිරියටත් එහෙමයි. එම ලියන දේඋඹ ලියන දේවල් නිර්මාණ තුළින් එළියට දාන්න පුළුවන් වෙන එක ගැන මම සතුටු වෙනවා.”

ඒ කියන්නේ ඔබ ඉදිරියේදී තිරපිටපත් රචකයෙක් වෙනවද, ”රංගනය කියන්නේ මම ගොඩක් ආස කරන දෙයක්.රංගනය කියන දෙයට මම සම්බන්ධ වෙන්නේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. ඇත්තටම මේ වෙද්දි මම පිටපත් රචකයෙක්. මම නිර්මාණ පහ හයක්ම ප්‍රතික්ෂේප කළා මේ නිසා. සමහර අධ්‍යක්ෂවරු හිතන්නේ තිර රචනය කියන්නේ හරි ලේසි දෙයක් කියලා. මම කියන්නේ හොඳ නිර්මාණ බිහි වෙන්න කාලයක් යනවා. අපි තිර පිටපතක් ලියන්න තොරතුරු ගොඩක් හොයන්න ඕන. පොත් පත් කියවන්න ඕන.අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න ඕන. ඉතින් ඒක කියන තරම් ලේසි දෙයක් නෙවෙයි.

ඔබ සම්බන්ධ වන චරිත ගැන ඔබට තියෙන්නෙ මොනවගේ අදහසක්ද, ”ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා. පානාමංකඩ ටෙලි නාට්‍යයයේ කුදා කියන චරිතයට මම සම්බන්ධ වෙනවා. ඉදිරියේදී ගැන චරිත වලටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අහිංසක දුෂ්ට වගේ චරිතත් මම රඟපානවා ඉදිරියේදී.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *