මම මොඩ්ලින් කරනවා කියලා එයා මාව දාලා ගියා – නැගී එන සුපිරි නිලි නිහාරි පෙරේරා

දක්ෂ නිරූපිකාවක් වගේම ගොඩක් දක්ෂ ක්‍රීඩිකාවක් තමයි නිහාරි පෙරේරා කියන්නේ, මේ දවස්වල හිරු නාලිකාවේ විකාශනය වෙන සිරි දළදාගමනය ටෙලිනාට්‍යයේ හේමමාලා කුමරියගේ චරිතයට පන පොවන නිහාරි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, නිහාරි කියන්නකෝ බලන්න කොහොමද ඔබ රංගනයට සම්බන්ද වෙන්නේ, ”මම මුලින්ම සම්බන්දවෙන්නේ නිරූපන ක්‍ෂේත්‍රයට, මගේ අම්මා ඇඳුම් මොක්ස්තර නිර්මාණ ශිල්පිනියක්, මම නිතරම අඳින්නේ මගේ අම්මා නිර්මාණය කරපු ඇඳුම්, අපේ ජානකී ඇන්ටි සහ අමන්දා අක්කී තමයි මට මුලින්ම කිවුවේ පොටෝ ෂූට් කරමු කියලා, පලවෙනි පොටෝ ෂූට් එක කරද්දී මගේ වයස අවුරුදු 16යි, ඊටපස්සේ මම මියුසික් වීඩියෝ එකක හිටියා, ඊටපස්සේ වෙළඳ දැන්වීම්වලට ආරාධනා ලැබුනා, ටෙලිනාට්‍ය රංගනය සඳහා මුලින්ම සම්බන්ද වුනේ හිරුනාලිකාවෙන් ඒ සිරි දළදාගමනය ටෙලි නාට්‍යය හරහා.”

දැන් ආරාධනා එහෙම එනවා ඇති නේද..? ”ඔව් දැන්නම් ආරාධනා ගොඩක් ලැබෙනවා, හැබැයි මම ගොඩක් බිසී කෙනෙක්, ඉතින් මම හැම නිර්මාණයක්ම බාරගන්නේ නෑ, මම මට ගැලපෙන ඒවා තෝරලා බේරලා තමයි බාරගන්නේ, ඒ වගේම තමයි මම නිර්මාණයක් බාරගන්න කලින් අම්මගෙන් සහ තාත්තාගෙන් අහනවා, ඒ දෙන්නගෙන් ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා මගේ වැඩ වලට, මම මේ වෙද්දී පැජන්ට් දෙකක් වින් කරලා තියෙනවා ඒ මිස් ටීන් ශ්‍රී ලංකා. අනික මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා,”

නිහාරි කියන්නේ බාස්කට් බෝල් ජාතික ක්‍රීඩාවක් කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක් ”මම අවුරුදු 17 ඉඳන් යූත් බාස්කට්බෝල් ප්ලේ කරනවා, මගේ ක්‍රීඩා ගුරුවරු දෙන්නා අජිත් කුරුප්පු සහ ශිව ශක්ති සෙල්වරාජ්. මම ප්ලේ කරපු පලවෙනි ටුවර් එක තිබ්බේ තායිලන්තයේ, එකෙන් පස්සේ මම ලංකාවෙන් මම යූත් ඔලිම්පික්, කොමන්වෙල්ත් ගේම්, ඒෂියා කප් වගේ රැසක් ප්ලේ කළා, එකම ටුනමන්ට් එකට් කිහිපවතාවක්ම ගියපු අවස්තාත්ත් තියෙනවා”

නිහාරී කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් දැන් ආදර සම්බන්දයක් එහෙම තියෙනවා ඇති නේද..? ”ආදරය කියන්නේ මතක් වෙද්දී සංවේදී වෙන තැනක්, මගේ ජීවිතේ වගේ ආදරය කරපු ආදරයක් තිබ්බා, හැබැයි දැන් ඒක නෑ, ඒ සම්බන්දය නැතිවෙන්න ප්‍රධානම හේතුව තමයි එයාගේ දෙමාපියන්ගේ අකමැත්ත, මම මොඩ්ලින් කරන නිසා එයාගේ දෙමාපියන් කැමති වුනේම නෑ, මේ ක්‍ෂේත්‍රයේ හැමෝම එහෙම නෑ, මම දැන් වුනත් මේ කතාව කියන්නේ තවත් කෙනෙක්ට මේ වගේ දෙයක් වෙන්න වෙන්න හොඳ නැති නිසා, එයා මට කැමති වෙලා හිටියත් ගෙදර අයගේ බලකිරීම නිසා එයා වෙනස් වුනා, අපි ආදරේ කරපු කාලේ මට තාම මතක් වෙනවා, ඒවා මතක්වෙද්දී මට අදටත් ඇඬේනවා,”

Related Posts