මම මේ කසාදෙට කැමති නෑ කියලා එයාගේ මූනට කිව්වා – නිලි රැජින දිනිති වල්ගමගේ

දිනිති වල්ගමගේ කියන්නේ කළා ලෝකයේ හැමෝම ආදරේ කරන ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම තමයි ඇය ගොඩක් දක්ෂ නිවේදිකාවක්, ඉතින් දැන් හැමෝගෙම ආදරේ කරන දිනිති ගැනයි අද අපේ මේ කතාබහ, ඉතින් දිනිති ඇත්තටම දිනිති කියන්නේ මොනවගේ කෙනෙක්ද ”මම කියන්නේ හරි කෙලින් තීරණ ගන්නා කෙල්ලෙක්, මම ඒ තීරණ එකක් ගැනවත් පසුතැවෙන්නේ නෑ, මම ගන්න තීරණවල වගකීම මම ගන්නවා ඒ මගේ හැටි, ඒ වගේම තමයි මම කවදාවත් ප්‍රශ්න මගේ කරගන්නේ නෑ, අතීතය කියන්නේ අතීතය ඉතින් අතීතයේ දේවල් මම මගේ ජීවිතේට සම්බන්ද කරගන්නේ අත්දැකීමක් විදියට විතරයි, මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නෑ, දැන් මට ලැබෙන ආදායම හොඳටම ඇති ඉතින් මම දකින විදියට දිනිති වල්ගමගේ කියන්නේ සම්පුර්ණ කාන්තාවක්,

විවාහ යෝජනා එහෙම එන්නේ නැද්ද දිනිති ”අම්මෝ ඕනෑතරම් එනවා මම පුංචි සිදුවීමක් කියන්නම් දවසක් මට ප්රෝපොසල් එකක් ආවා, එයා මට කැමතියි වෙලා තමයි ඒ යෝජනාව ගෙනත් තිබ්බේ, මම ගැන හැමදේම එයා දැනගෙන මම ෆ්ලයි කරන එක රඟපාන එක ඒ වගේම හැමදේම මමගැන නැගෙන ඉතින් එයාලගේ අම්මා මට කිවුවා අපි ඔයාව සැපෙන් තියන්නම් හැබැයි ඔයා ඇක්ට් කරන එක සහ ෆ්ලයි කරන එක නතර කරන්න කිව්වා, ඉතින් අපේ තාත්තා කියපු දේ දන්නවද? තාත්තා කිවුවා මම අවුරුදු විසිගානක් දුවට කිවුවේ නැතිඑක ඔයා කොහොමද කියන්නේ ඇහුවා, ඊටපස්සේ කිවුවා දුව කැමති වුනත් මම මේ කසාදෙට කැමති නෑ කියලා එයාගේ මූනට කිව්වා”

රංගනයට සම්බන්ද වීම ගැන මොකද හිතෙන්නේ ? ”ඇත්තම කියනවනම් රංගන නිසා මට ගොඩක් දේවල් ලැබුනා, දිනිති වල්ගමගේ ක් ඉයලා කෙනෙක් ලංකාවේ ඉන්නවා කියලා හැමෝම දැනගත්තේ රංගනය නිසා, ඇත්තම කියනවනම් ජනප්‍රිය වෙන්න නෙවෙයි ආසාවටයි මම රඟපාන්න ආවේ, හැබැයි මිනිස්සු මාව ආදරයෙන් වැළඳ ගත්තා, ඒ ආදරේට මම ගොඩක් ආදරෙයි, මම සල්ලි බලාගෙන රඟපාන රංගන ශිල්පිනියක් නෙවෙයි මම රඟපාන්නේ මෙගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්”

Related Posts

Leave a Reply

Your email address will not be published.