Sat. May 21st, 2022

දිමංක වෙල්ලාලගේ කියන්නේ මේ වනවිට ජනප්‍රිය දක්ෂ ගායකයෙක්. මේ සුදානම ඔහු ගැන කතා කරන්න. පාසල් කාලයේ ආදර කතා ගැන මතක් කළොත් මුලින්ම, මම මුලින්ම අපි ඉස්කෝලේ අක්කා කෙනෙක්ට ලව් කරද්දි එයාට ලියුමක් දෙන්න ගිහින් අපේ ටිචර්ට ඒක අහුවුණා. එදා තමයි මම වැඩිපුරම නෝන්ඩි වුන දවස. නෝන්ඩි වුණා විතරක් නෙමෙයි ගුටිත් කෑවා.

පාසල් කාලයේ ඉතින් ඔය වගේ ආදර කතා කිහිපයක්ම මට තිබුණා. හැබැයි ඒ ආදර කතා වලට වැඩි ආයුෂ නැහැ. මොනා කරන්නද ඩාම් වෙනවා ඩුම් වෙනවා. කොහොමත් පාසල් කාලේ ආදර කතා එකතු වෙනවා බොහොම අඩුයි. ඒවා තාවකාලිකයි. මට පාසල් යන කාලේ ගොඩක්ම ආදරේ කලේ අක්කලා. එයාලා මාව එයාලාගේ පනිත් වලට ගිහින් තියාගෙන සින්දු අහනවා.

පාසල් කාලේ කරපු විනෝද කටයුතු ගැන මතක් කලොත්, අපි වැඩිපුරම විනෝද වුනේ පාසලේ ස්පෝර්ට් මීට් කාලේ.ඒ කාලේ ගුරුවරු පවා අපි අතහැරලා තිබුණේ. මොකද ගොඩක් වෙලාවට අපි පන්තියේ නැහැ. සමහර වෙලාවට අනිත් ළමයින් ගෙන් ගෙන් අපි ගැන ඇහුවත් එයාලා මොනවත් කියන්නේ නැහැ. තම තමන්ගේ නිවාස දිනවන්න ගොඩක් අය කැපවෙනවා. සුන්දර මතක තියෙනවා ඉතින්.

පාසල් කාලේ ඉඳන්ම සංගීතයට ආස කරපු කෙනෙක්ද, පොතපතේ වැඩ වලට වඩා මගේ උනන්දුව තිබුණේ සංගීතයට. හැම වෙලාවකම මම උත්සාහ කලේ සංගීත කාමරයේ ඉන්න. ඇත්තටම මම අනිත් විෂයන්වලට ලොකු දක්ෂතාවයක් නැහැ. මම පාසලේදී දෙන ගෙදරවැඩ වත් කළේ නැති තරම්. පාසලේ ගෙදර වැඩ කරන්න මම වෙනම යාලුවෝ තියාගෙන හිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *