‘මම මුලින්ම ආදරේ කලේ A/L කාලේ එයා ගොඩක් හැඩයි’ දිනක්ෂිගේ මූන රතු කරමින් සාරංග කියූ කතාව

සාරංග දිසාසේකර කියන්නේ මේ වන විට කවුරුත් දන්න හදුනන යොවුන් පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. රංගනයට ගායනයට මෙන්ම නිවේදනයට ද උපන් හැකියාවෙන් යුතු සාරංග කලා පවුලක පුතෙක් වෙනවා. කලාව කියන දේ ලේ වලින්ම උරුම වූ සාරංග ආදරණීය සැමියෙක් වි මේ වන විට ආදරණීය පියෙකුද වි හමාරයි. ලංකාවේ රංගන ලෝකය තුළ ඔහු කඩවසම් තරුණයෙක්. සිනමාව වේදිකාව මෙන්ම පුංචි තිරයද මොහුට ආධුනික නැත. මේ සියල්ලේම ඔහුගේ දක්ෂතා එක වගේ පෙන්වනවා .

සාරංග කොහොම ද කලාවට පිවිසෙන්නේ, ”මම අවුරුදු 10 දී තමා මුලින්ම කැමරාවක් ඉදිරියේ හිට ගන්නේ. ඒ වෙළෙඳ දැන්වීමකට. ඊට පස්සේ පොඩි පොඩි චරිත කිහිපයක් කළා. හැබැයි අධ්‍යාපන කටයුතුත් එක්ක රංගනයෙන් ටික කාලෙකට ඈත් වුණා. ඒ වුණත් ගුවන් විදුලියෙන් සමහර වැඩසටහන් වලට සහභාගී වුණා. මම රූපවාහිනී හඬ කැවීම් ශිල්පියෙකු විදියටත් වැඩ කටයුතු කළා. හැබැයි දැන් වගේ පුර්ණ කාලීනව රංගන කටයුතු වලට ඒ කාලේ සම්බන්ධ වුණේ නැහැ.

සාරංගට මුලින්ම ආදරයක් ගැන හිතුණේ කොයි කාලෙද, ”මගේ හිත මුලින්ම ගැහැනු ළමයෙකුට ගියේ උසස් පෙළ කරන කාලේ. ඒ කාන්තා පාසලක කෙනෙක්. ඇත්තටම එයා ගොඩක් ලස්සනයි. හැබැයි ඒ ආදරේ ඒ කෙනාට කියන්නවත් මට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ ආදරය මගේ හිතේ ඇති වෙලා මගේ හිතේම නැති වෙලා ගියා. ඒ තමා මගේ ජීවිතයේ මුල්ම ආදරය.”

රංගනය කියන ක්ෂේත්‍රය දක්ෂතාවයට වඩා කඩවසම් බවට තැනක් තියෙනවද, ”කවදාවත් නැහැ. කඩවසම් බව මත පිරිමියකුට රංගන ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න බැහැ. කඩවසම් බව මුල් කරගෙන ක්ෂේත්‍රයට පිවිසුණත් දිගු ගමනක් යන්න කඩවසම් බව පමණක් මදි. අනිවාර්යෙන්ම ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න දක්ෂතාවය කැපවීම තියෙන්නම ඕන.කඩවසම් බව කියන්නේ ක්ෂේත්‍රයට එන්න එක හේතුවක් පමණයි.”

ඔබ නිලියකගේ ලස්සන දකින්නේ කොහොමද, ”මම හිතන්නේ කෙනෙකුගේ සුන්දරත්වය කියන දේට ගැහැණු පිරිමි බේදයක් නැහැ, අනික අපිට කෙනෙකුගේ පෙනුමෙන් පෙනෙන සුන්දරත්වය මත හදවත මනින්න බැහැ. අපි කෙනෙකුගේ හොඳ නරක තීරණය කරන්න ඕනේ හැසිරීම මත. මටනම් ඔය ලස්සන කියන දේ මිනුම් දණ්ඩක් නෙවෙයි කිසි දේකට. මගේ ජීවිතය තුළ නම් ලස්සනයි කියලා තෝර ගත්ත පිරිසක් නැහැ. මට හැමෝම ලස්සනයි. කෙනෙකු ලස්සන වෙන්න ඕනේ හදවතින්. හදවතින් ලස්සන ඕනම කෙනෙකුගේ රූපයක් ලස්සනයි. මම හිතන්නේ එහෙමයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *