‘මම මිදී කන්න ගොඩක් ආසයි’ ජනප්‍රිය නිලි නදුනි කියන කතාව

නදුනි කරුණාතිලක කියන්නේ පාවෙලා වළාකුලේ ටෙලිනාට්‍ය හරහා බොහෝ දෙනෙකුගේ ආදරය වැඩිපුරම ලබා ගත් රංගන ශිල්පිනියක්. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්න. කොරෝනා කාලයත් එක්ක ඇය ඇගේම යුබියුබ් චැනල් එකක් පටන් ගත්තා. ඉතින් නදුනි සමග කතා බහේදී නදුනි අපිට කිවුවේ නදුනි කැමතිම ඇය ගේ පුංචි කාලයට කියලා. ඉතින් ඇය අපි අහපු ප්‍රශ්න වලට දුන්නේ මේ වගේ පිළිතුරු කිහිපයක්. ඇත්තටම නදුනි පුංචි කාලයට යන්න ආස නැද්ද? “මට පොඩි කාලේට යන්න පුළුවන්නම් මම යන්නේ හතර වසරට. මොකද ඒ කාලේ අපේ තාත්තාට මාරු විමක් ඇවිත් ආනන්ද බාලිකාවට මාව ඇතුලත් කලා. මාස දහයක් වගේ ඒ කාලේ ගෙවෙද්දි මම වැඩිපුරම විනෝද වුන කාලය ඒ. මොකද ඇළ දොළවල් වල නාලා සෙල්ලම් කලා. ඇත්තටම ඒ කාලේට මම පුදුම තරම් ආසයි.”

ඔබ වැඩිපුරම කන්න කැමති කෑම. “මේකයි මම ආහාර පාන ගැන ටිකක් හිතන කෙනෙක්. නිතරම වතුර බොන කෙනෙක් මම. හැබැයි මම ආස කරන පළතුරක් තියෙනවා. ඒ තමා මිදි. මට මිදි ඕන තරම් කන්න පුළුවන්. ඒ තරමට ඒ පළතුරට මම ආසයි. ඊට අමතරව මම ගොඩක්ම ආස පලතුරු වර්ග කන්න. කොහොමත් මම ගන්නේ ස්බාවික ආහාර විතරයි”

නදුනි ලංකාවේ ඇවිදින්න ආසකොයි වගේ පැති වලද? “මම ආසයි සීගිරි දඹුල්ල පැත්තේ යන්න. යාලත් ආසයි හැබැයි මම ගිහින් නෑ. මම ඉපදුනේ නුවර ඒ නිසා මම වැඩිපුරම කැමති නුවර ඇවිදින්න. මම පොඩි කාලේ ඉදන් හිටපු තැන නිසා නුවරට වැඩිපුර ආස ඇති. හවසට වැව රවුමට ගියාම දැනෙන්නේ වචනයෙන් කියන්න බැරි “

ඔබ ජිවිත් වෙන්න ආස කොහොමද? “මම ඇත්තටම ආසයි ගොඩක් අය ඉන්න තැනක ජිවත් වෙන්න. හැබැයි ඒ මට ආදරේ කරන අය ලග විතරක්. නැත්නම් මම ගොඩක් අය එක්ක ඉන්න කැමති නෑ. අනික මම ආස කාටවත් කරදරයක් නොවි ජිවත් වෙන්න. ඒ වගේම මම ආස නෑ තව කෙනෙකුගේ හිතක් රිදවන්න. මම වගේම අනිත් අයත් සතුටින් ඉන්න ඕනි. ඇත්තටම ඒ වගේ තැනක මම ජිවත් වෙන්න ගොඩක් කැමතියි.”

යාළුවෝ මුණ ගැහුනහම නදුනි වැඩිපුරම කතා කරන්නේ, “ගොඩක් දේවල් කතා කරනවා ඉතින්. ගොඩක් දේවල් කතා කරද්දි අපේ මුලික කතාව විලාසිතා තමයි. අනික අපි අපේ පෞද්ගලික ජිවිතේ ගැන කතා කරනවා හොදම යාළුවෝ හමු වුනහම. ට්‍රිප් යන්න කතා කරනවා. ඒ විතරක් නෙවෙයි අපි ඉතින් දුක සතුට හැමදේම ගැන කතා කරනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *