Tue. May 17th, 2022

දක්ෂ වගේම හැඩකාර සුන්දර රංගන ශිල්පිනියක් තමයි රුක්ශානා දිසානායක කියන්නේ. ඉතින් අද අපේ සුන්දර කතා බහට එකතුවෙන්නේ රුක්ශානා. රුක්ශානා මේ දවස්වල බිසී වගේ ”ඔව් ටිකක් කාර්යබහුලයි. මොකද මගේ ඩාන්සින් ඇකඩමි එකේ වැඩකටයුතු ගොඩක් තියෙනවා. දැන් ප්‍රසංග එහෙම පටන් අරගෙන තියෙන නිසා ඩාන්සින් ටීම් එක ඒවාට පුරුදු කරනවා, ඒ වගේම ඒ තැන් වලට එක්කගෙන යන්නත් ඕන. ඉතින් ඒ වැඩ නිසා ගොඩක්ම කාර්යබහුලයි”

රුක්ශානා ඔබ කියලා තියෙනවා ඔබේ ජීවිතයේ අංක එක දෙන්නේ ආදරවන්තයට කියලා. ඉතින් ඔහු කිව්වොත් ඔබට රංගනයෙන් ඉවත් වෙන්නේ කියලා ඔබ මොකද කරන්නේ ? ”මෙහෙමයි මම ආදරේ කරන්න තෝරාගන්න කෙනා මගේ රංගන ජීවිතයට බාදාවක් කරන එකක් නෑ කියලා මම හිතනවා. හැබැයි මම පවුල් ජීවිතේට අංක එක දෙනවා. නමුත් මම කලාවට ගොඩක් ආදරෙයි. කළා ලෝකයේ මම මේ තැන ලබාගත්තේ ගොඩක් මහන්සියෙන්. ඒ නිසා මම කවදාවත් රඟපෑමෙන් අයින් වෙන්නේ නෑ. මගේ රංගන ජීවිතේටත් සහාය දෙන්න පුළුවන් කෙනෙක් තමයි මම ආදරේ කරන්න තෝරාගන්නේ.”

මේ වෙසක් මාසේ ඉතින් කොහොමද රුක්ශානට මේ මාසේ දැනෙන්නේ ” අපි පුංචි කාලේ ඉඳලම වෙසක් වලට මාරම කැමතියි. මැයි මාසේ පටන් ගන්නකොටම මම කූඩු හදන්න පටන්ගන්නවා. ඒ වගේම මම ගොඩක්ම ආසයි දන්සල් වඳින්න යන්න. ඇත්තටම මම මාරම ආසයි දන්සල් වලින් කන්න ඒකට වයස් බේදයක් නෑ නේ. මට මතකයි දවසක් මම මගේ නර්ථන කණ්ඩායම එක්ක නුවර ගියා, ඒ ප්‍රසංගය තිබ්බේ වෙසක් දවසක, ඒකට ගිහින් එද්දී අපිට බත් දන්සලක් හම්බවුනා, ලොකු පෝලිමක් තිබ්බෙත් නෑ ඉතින් අපි කාවේ ඒකෙන් හරිම රසයි කෑම, ඒ රස මට තාම මතකයි, ගොඩක් පින් ඒ දන්සල දුන්න අයට. ඇත්තටම දන්සලකින් කද්දී මාරම හැඟීමක් එන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *