‘මම මහපාරේ හැදුන කොල්ලෙක්’ ජනප්‍රිය නළු කුසල් කියන කතාව

ස්වර්ණවාහිනී නාලිකාවේ මේ දිනවල කා අතරත් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන්නේ ‘පාර දිගේ’ කියන්නේ. පාරදිගේ ටෙලි නාට්‍ය හරහා රසික හදවත් දිනා ගත්ත ඔහු ‘බන්ඩා’ කියන චරිතයට පන පොවනවා. ඔහු නමින් කුසල් මධුරංග ඉතින් අපි සූදානම් වෙන්නේ ඔහු ගැන කතා කරන්නයි. පවුලේ එකම දරුවා වුන කුසල් පොළොවෙ පය ගහල ජීවත් වෙන කොල්ලෙක්. මුලින් ඔහු කලාවට සම්බන්ධ වෙනවට ගෙදර අය අකමැති වුනත් වුණත් පසුකාලයේදී ගෙදර අය ඔහුගේ ආසාවට කැමති වුණා. ඔහු සිය රංගන ජීවිතය ආරම්භ කර තිබෙන්නේ ලේසි පහසු ගමනකින් නොවේ.

බණ්ඩා කියන චරිතය ඔබට දැනුණේ කොහොමද ? ”මම මහපාරේ ජීවත් වෙන කෙනෙක්. ඒ නිසාම මට මේවට සමාජය නුහුරු නුපුරුදු තැනක් නෙවේ. බණ්ඩා වගේ චරිත මම ඕනි තරම් දැකලා තියෙනවා. බණ්ඩා කොච්චර ගේම් ගැහුවත් බණ්ඩා කියන චරිත ඇතුළෙ තියෙන මනුස්සකමට ගොඩක් අය කැමතියි. කොහොමත් පිටපත දුන්න ගමන් මට ලොකු ප්‍රශ්නයක් චරිතය ගැන මතුවුණේ නැහැ.”

කුසල් කියන්නෙ දැන් හැමෝම දන්න චරිතයක් නේද. ? ”ඔව් මගේ ජීවිතයේ වෙනස් කරපු ටෙලිනාට්‍ය තමයි පාරදිගේ. බණ්ඩා කියන චරිතය මට ජීවිතේ ලැබුණු සුවිශේෂී තෑග්ගක්. මොකද ගොඩක් අය අද මාව දන්නෙ දන්නේ බණ්ඩා කියන චරිතය නිසා. සමහරු මට මට කතා කරන්නෙත් බණ්ඩ කියලා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. පීවිතේ නොජීවිතේ නොහිතපු විදිහට මට රසික හදවත් ගොඩක් දිනා ගන්න පුළුවන් වෙනවා. මේ හැමදේම බණ්ඩා නිසා.”

ඔබට වේදිකාව නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි නේද, ” ඔව් හැබැයි ඕනම දේක කට්ටක් තියෙනවා. වේදිකාවේ වුණත් එහෙමයි. වේදිකාව කියන්නෙ කියන්නේ සජීවී කලාවක්. ඒක ලොකු වගකීමක්. ගොඩක් වෙලාවට ටෙලිවිෂනයේ දැවැන්තයෝ වෙලා ඉන්නේ වේදිකාවෙන් බිහිවුණු චරිතයි. මමත් කාලයක් වේදිකා පරිපාලක ශිල්පියෙක් විදිහට කටයුතු කළා. වේදිකාවෙන් උනත් වුණත් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද වේදිකාව කියන්නේ දැවැන්ත තැනක්. ඇත්තටම මම ගොඩක් දේවල් එතනින් ඉගෙන ගත්තා. චරිතවල හැසිරීම් පවා.”

ඔබ විවාහක කෙනෙක් ද? ”මම විවාහක නැහැ. යෝජනා නම් ගෙදරින් පවා ගේනවා දැන්. හැබැයි මම කැමතියි ටිකක් නිදහසේ ජීවත් වෙන්න. හරියට මේ ගෙවනවා වගේ. මොකද ලොකු වගකීමක් ගන්න මම තවම සූදානම් නැහැ. ඉදිරි කාලයේදී ඒ ගැන හිතලා බලනවා. දැනට තනිකඩ ජීවිතේ හොඳයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *