‘මම මහණවෙලා කියලා හිතලා සමහර මිනිස්සු වැඳලා යනවා’ ජනප්‍රිය නළු රන්දීප කියන කතාව

ශ්‍රි ලංකා නාට්‍ය කලාවේ වෙනසක් ඇති කළ නාට්‍යයක් විදියට නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය හඳුන්වලා දෙන්න පුළුවන්. නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත වගේම සෙසු චරිත ද තමන්ගේ දක්ෂතාවය උපරිම ලෙස පෙන්වා. විටෙක එය ටෙලි නාට්‍යයක් ද යන්න රසිකයන්ට පවා සිතෙන අයුරින් ඒ චරිත ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගන්නවා. ඉතින් මේ සූදානම ඒ වගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලබන චරිතයක් ගැන කතා කරන්න. පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ චරිතය කියන්න බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්. මේ චරිතය රඟපාන ඔහු නමින් සචින්ත රන්දීප පෙරේරා. කිසිසේත් පවුලට සම්බන්ධ සම්බන්ධකමක් නැති පවුලකින් රංගනයට පිවිසෙන සචින්ත දැනට දෙල්ගොඩ පදිංචි පදිංචි වෙනවා. අවුරුදු 22ක තරුණයෙක් වන මොහු පවුලේ එකම පිරිමි ළමයා.

ජීවිතය අරමුණු තිබුණේ රංගන ශිල්පියෙක් වෙන්න ද, ”මම ඇත්තටම රංග කලාවට ගොඩක් ආස කෙනෙක්. පාසලේ උනත් රංග කලා කටයුතුවල වැඩමුළුවට ගියා. පාසලේ නාට්‍ය කණ්ඩායමේ හිටියා. වේදිකා නාට්‍යවලත් රඟපෑවා. මට රංගනයට අඩිපාර හැදුනේ මගේ පාසලෙන්. නළුවෙක් වෙනවා කියන එක පුංචි කාලේ ඉදන් මගේ හිතේ තිබුන ආසාවක්. මම හිතුවා මම රංගනයට දක්ෂ ඇති කියලා. ඒ හේතුව ඇරෙන්න නළුවෙක් වෙන්න විශේෂිත හේතුවක් මට තිබුණේ නැහැ.

ඔබ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ පොඩි හාමුදුරුවන්ගේ චරිතය. මේ චරිතයට ඇත්තටම මිනිස්සු රැවටිලා තියෙනවා නේද, ”අනේ ඇත්තටම ඔව්. ඇත්තට මම හාමුදුරුනමක් කියලා හිතාගෙන සමහරු මට වැඳලා තියෙනවා. මේක ගොඩක් දුරට සිද්ද වෙන්නේ මැද්දගම රජ මහා විහාරයට එන යන අයට. ෂුටින් බලන්න එන අය පවා හිතන්නේ ඇත්තටම මම හාමුදුරු කෙනෙක් කියලා.”

ජීවිතේ පලවෙනි රංගනය ගැන ඔබට මොකද හිතෙන්නේ, ”මට ලැබුන චරිතය හරි දුර්ලභ චරිතයක්. චරිතයකට වුනත් සිවුරක් පොරවන එක වෙනම දෙයක්. ඒක ජිවිතයට ලොකු වටිනාකමක් දැනෙන දෙයක් විදිහටයි මට හිතෙන්නේ. ඒ වගේ චරිතයකට ලොකු කැපකිරිමක් වුනත් කරන්න සිද්ධ වෙනවා. ඒ කැප කිරිම හරියට කරන්නම වෙනවා අපිට චරිතයට සාධාරණයක් කරන්න.”

ගිහි ජීවිතය ගැන ඔබට මොකද හිතෙන්නේ, ජීවිතය දකිද්දී ඇත්තටම මහණවෙන්න හිතිලා නැද්ද, ”සමහර වෙලාවට නම් මහණ වෙන්න හිතිලා තියෙනවා. හැබැයි මම නිකමට හරි එහෙම කියද්දී අම්මට ගොඩක් දුක හිතෙනවා. මොකද මම පවුලේ එකම පිරිමි ළමයා නිසා. අපේ ජීවිතේ කියන්නේ කටුක දෙයක්. වෙලාවකට කලකිරීම් කියන දේ දැනෙනවා. ගොඩක් දුක් විඳලා තමයි මම මෙතැනට ආවේ. ඒ ආව ගමනේ පවා මට කලකිරීම් දැනුන තැන් තිබුණා. හැබැයි අපි හිතන දේවල් යහපත් නම් කවදාහරි අපිට යහපත් දෙයක් සිද්ධ වෙනවා කියන්න මම විශ්වාස කරනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *