‘මම මගේ පවුල සල්ලිවලට විකුණන්නේ නෑ’ ජනප්‍රිය නළු හර්ෂ කියන කතාව

පුංචි තිරය තුළ තුළ සාර්ථකත්වයට පත්වන රංගන ශිල්පියෙක් ගැනයි අපේ අද කතා කරන්න සුදානම් වෙන්නේ. ඔහු පුංචි තිරයට ආධුනිකයෙක් නොවේ. වේදිකාවෙන් සිය දක්ෂතා පෙන්වා පුංචි තිරය තුළ තමන්ගේම තැනක් ලියාගන්න ඔහු සමත් වුණා. රංගන ශිල්පියෙක් විදියට ඔහු කෙළින් කතා කරන පුද්ගලයෙක්. ඒ නිසාම වෙන්නැති ඔහුව මෑත කාලයේ පුංචි තිරය තුළ වැඩිපුරා දකින්න නොලැබෙන්නේ. කෙසේ වෙතත් ඔහු ඔහුගේ ස්ථාවරත්වය ජීවිතය තුළ නොවෙනස්ව පවත්වාගෙන යනවා. නමින් ඔහු හර්ෂ තෙන්නකෝන්.

හර්ෂ පිටපත් නැති නිර්මාණ බාර ගන්නේ නෑ කියන කතාව ඇත්තක්ද, ”ගෙවුන කාලය තුළ නම් පිටපත් නැති නිර්මාණ කිසිම දේකට සම්බන්ධ වුණේ නැහැ. මම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා පිටපත් නැති නිර්මාණ වලට සහභාගි නොවී ඉන්න. මම ගොඩක් දුරට දැන් චැනල් වලින් කරන නාට්‍ය බාර ගන්න කෙනෙක් නෙවෙයි. මම අභියෝගවලට කැමති නිසාම නාට්‍ය තුළද මම අභියෝග බාර ගන්නවා. කොහොම වුණත් මම කැමති විදියේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට මේ වෙද්දි අවස්ථාව හිමිවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම සතුටු වෙනවා ඒ විදිය නිර්මාණවලට සම්බන්ධ වෙන්න පුළුවන් වීම ගැන.

ක්ෂේත්‍රය තුළ ඉස්සරහට යන්න දැන හැඳුනුම්කම් වැදගත් වෙනවාද, ”දන්න අය මාර්ගයෙන් අපි ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් අවුරුදු ගාණක් කට්ට කාලා අපි ගෙන ගත දේ වලින් වැඩක් තියෙනවද. යම් වැඩකට කැප වෙනවා නම් අපට දැන හැඳුනුම්කම් වැඩක් වෙන්නේ නැහැ. දක්ෂතාවය කැපවිම උනන්දුව විතරයි වැදගත්. මාත් එක්ක වැඩ කරන අය දන්නවා මම කොහොමද වැඩ කරන්නේ කියලා. එයාලා ආයේ මාව නිර්මාණයකට ගන්න දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි මම කොන්දේසි කිහිපයක් යටතේ තමයි නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. එම දවසක මම ඒ කොන්දේසි කඩලා නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ලොකු කොන්දේසි දාගෙන රංගනයට යොමු වෙන්න රංගන ශිල්පියෙක් නෙමෙයි. බොහොම සරල කොන්දේසි ටිකක් තමයි තියෙන්නේ. ඇත්තටම ඒ කොන්දේසි වෘත්තීමය කොන්දේසි විතරයි.”

අද රටේ ගොඩක් ජනප්‍රිය නළු නිළියන්ගේ පවුල් ජීවිත ජනප්‍රිය වෙලා. ඉතින් ඔබට ජනප්‍රිය වෙන්න ඕන නැද්ද පවුල් ජීවිතය තුළ, ”ඇත්තටම මට මගේ පවුල විකුණගෙන කන්න කිසිම උවමනාවක් නැහැ. මගේ වයිෆ් ඩාන්සර් කෙනෙක්. හැබැයි අපි දෙන්න කිසිම වෙලාවක රියැලිටි තරගයකටවත් සහභාගි වෙලා නැහැ. මම දේවල් වලට කැමති කෙනෙක් නෙවෙයි. මම මගේ බිරිඳ කැමති දේවල් එයාට කරන්න ඉඩ ඇරලා තියෙනවා. අපි දෙන්න කැමති දේවල් කරන්න අපි දෙන්නගේ නිදහස අපි දෙන්නා විසින්ම දීලා තියෙනවා. එහෙම බලද්දි ඇයි අපි පවුලක් විදිහට ජනප්‍රිය වෙන්නේ.”

කාර්යබහුල ජීවිතයත් එක්ක ඔබට පවුල් ජීවිතය මගහැරුන තැන් නැද්ද, ”ඇත්තටම එහෙම මගහැරුන තැන් තියෙනවා. පහුගිය කොරෝනා සමයේ මගේ බිරිඳ දෙවැනි දරුව ලැබෙන්න හිටපු නිසා ගෙදර සියලු වැඩ කටයුතු කළේ මම. මම පුලුවන් හැම වෙලාවකම මගේ පවුල වෙනුවෙන් කැපවෙනවා. මේ තත්ත්වයත් එක්ක මම ගොඩක් දුරට දැන්නම් ගෙදර යනවා අඩුයි. මගේ බිරිඳ වෘත්තිමය ගුරුවරියක්, අපි ඉතින් හැමදේම සමබරව කරගෙන යනවා. මම පුළුවන් වෙලාවට මගේ කාලය එයාලා වෙනුවෙන් කැප කරනවා.

වේදිකාවෙන් ආපු හර්ෂ වේදිකාවේ දකින්න නැහැ හර්ෂ වේදිකාව අතහැරලා ද, ”ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි වේදිකාවෙන් පුංචි තිරයට ආවට පස්සෙ මම ගොඩක් කාර්යබහුල වුණා. පවුල් ජීවිතය ගත කරද්දි මට වේදිකාවට කැප කරන්න කාලයක් ඉතුරු වුණේ නැහැ. මමයි බිරිඳයි එකතු වෙලයි මගේ ජීවිතේ ජීවිතේ ගොඩක් දේවල් හදාගත්තේ. අපි ලොකු කැපකිරීමක් කළා මේ තැනට එන්න. ඇත්තටම ආසයි ඉස්සර වගේම වේදිකාවට එන්න.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *