මම මගේ තත්වය තියාගෙන ඉන්න විදියට ගැන රන්ජන් අයියා ගොඩක් වර්ණනා කළා – තරින්දි ප්‍රනාන්දු

මේ දවස්වල අපේ රටතුල වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන ටෙලිනාට්‍යක් තමයි රැල්ල වෙරළට ආදරෙයි කියන්නේ, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ, ඉතින් හැමෝම ආදරේ කරන තරින්දි එක්ක. ඉතින් තරින්දි මේ දවස්වල නිර්මාණ කිහිපයකම රඟපානවා නේද.? ”ඔව් මේ දවස්වල රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ කැතරින් කියන චරිතයට පන පොවනවා, ඒ වගේම රෝස සන්ධව්නිය නාට්‍යයේ රඟපානවා, ඊට අමතරව පිච්චමල සුවඳයි නාට්‍යයේ කුසුමලතා කියන චරිතයට පන පොවනවා, චරිත තුනම හාත්පසින්ම වෙනස් චරිත,”

තරින්දි රඟපාපු චරිත වලින් එහාට ගිහින් කියන්න බලන්න තරින්දිට තරින්දිව දැනෙන්නේ කොහොමද..? ”මම රඟපාන චරිතවල තියෙන ගතිලක්ෂණ මටත් තියෙනවා, හැබැයි ඇත්තම තරින්දි ගැන කියනවනම් ගොඩක්ම හැලහැප්පීම් එක්ක ජීවත් වුන චරිතයක්, දහසක් අභියෝග මැද ඒවට ශක්තිමත් විදියට මුහුණ දීලා දවසින් දවස ශක්තිමත් වුන කෙනෙක්, ඒ වගේම තමයි ආත්ම විශ්වාසයක් තියෙන හිත හයිය කෙල්ලෙක්, මම අංගසම්පුර්ණයි කියලා මම කියන්නේ නෑ, හැබැයි ඕනෑම අභියෝගයක් බාරගන්න පුළුවන් විදියේ කෙනෙක් මම”

පසුගිය දවසක ඔබ රංගනයෙන් දායක වුන ‘ගේම්’ ෆිල්ම් එක රිලීස් වුනා, ඒ වගේම ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පියෙක් වන රන්ජන් රාමනාය මහතාත් මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙලා තිබ්බා, රන්ජන් කියන්නේ කතා කරන ඒවා රෙකෝඩ් කරන කෙනෙක්, ඉතින් ඒ දේවල් නිසා රන්ජන් එක්ක කතාබහ කරන්න බය හිතුනේ නැද්ද? ”ඇත්තම කියනවනම් මට එහෙම බයක් චකිතයක් ඇතිවුනේ නෑ, කොහොමටත් මම රන්ජන් අයියා එක්ක වැඩිය කෝල් කරලා නෑ, රන්ජන් කියන්නේ සිනමාවේ ජ්‍යෙෂ්ඨයෙක් ඒ ෆිල්ම් එක රූගත කරන කාලේ රන්ජන් අයියා එක්ක ගතකරපු කාලය හරිම සුන්දරයි, කළා කාරිනියක් විදියට මම මගේ තත්වය තියාගෙන ඉන්න විදියට ගැන රන්ජන් අයියා ගොඩක් වර්ණනා කළා”

Related Posts

Leave a Reply

Your email address will not be published.