මම බැඳීම් ඇතිකරගන්න හරිම බයයි – ජනප්‍රිය නිලි දුෂෙනි මියුරංගි

මේ දිනවල ලංකාවේ අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන ‘පාරදිගේ’ කියන්නේ, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි බන්ටි එහෙමත් නැත්නම් සරණි කියන්නේ, ඉතින් දැන් මේ චරිතයට පන පොවන රංගන ශිල්පිනිය තමයි දුෂෙනි මියුරංගි සිල්වා, අද අපේ කතා බහ ඇය සමගයි ඉතින් දුෂෙනි මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල නිර්මාණ කිහිපයකට සම්බන්ද වෙලා ඉන්නවා, ඒ වගේම වෙළඳ දැන්වීම් කිහිපයකටත් ආරාධනා ලැබුනා, සාමාන්‍ය විදියට ජීවිතේ ගලාගෙන යනවා හැබැයි බිසී”

දුෂෙනි කාලයක් කලාව එක්ක හිටියට ජනප්‍රිය වුනේ පාරදිගේ බන්ටි නිසා නේ ද ”ඔව් ඒ කතාව සියයට සියයක්ම ඇත්ත, මම මේ අතරම ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව පාරදිගේ බන්ටි, මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය විදියට පාරදිගේ නාට්‍ය හඳුන්වන්න පුළුවන්, අදටත් මාව දකින මගේ ප්‍රේක්ෂකයෝ මට කතා කරන්නේ බන්ටි කියලා නැත්තන් සරණි කියලා ඇත්තම කියනවනම් ඒ ආදරේට මම ගොඩක් ආසයි ඒ වගේම ඒ ආදරේට මමත් ගොඩක් ආදරෙයි”

දුෂෙනි ඇත්ත ජීවිතේ ඔයා බන්ටි වගේද එහෙමත් නැත්නම් සරණි වගේද ”ඇත්ත ජීවිතෙ මම සරණි වගේ හරිම තැන්පත් මම කොහොමත් වැඩිය සද්දයක් බද්දයක් නැතුව පාඩුවේ ඉන්න කැමති කෙනෙක්, ඉතින් ඒ නිසා මට සරනිගේ චරිතය කිසිම ආයාසයක් නැතුව රඟපාන්න පුළුවන් බන්ටි කියන චරිතය එහෙම නෙවෙයි නිතරම කෑ ගහන එකක් නේ ඒක තමයි අභියෝගයක් වුනේ”

අනාගත බලාපොරොත්තු වගේම දුෂෙනි ඔයාගේ ආදරය ගැන කියන්නකෝ බලන්න ”මෙහෙමයි මම මගේ අනාගතය ගැන වැඩිය බලාපොරොත්තු තියාගෙන නෑ, මම ඉදිරියට මොනවා කරාවිද කියලා කියන්න බෑ, හැබැයි රංගනය පැත්තෙන් යමක් කරන්නයි මට ඕන, ආදරේ ගැන කියනවනම් මම තාම තනිකඩයි, හරියන විදියේ කෙනෙක් ලැබුනොත් ජීවිතේ සුන්දර වේවි, මට හරියන කෙනෙක් ලැබුනද කියන්න මම දන්නේ නෑ, හැබැයි මම බැඳීම් ඇතිකරගන්න හරිම බයයි, ආදරේ කියන දේ ලබෙන්නම ඕන නෑ, එයා කොහෙහරි පරිස්සමින් සතුටින් ඉන්නවනම් එච්චරයි”

Related Posts

Leave a Reply

Your email address will not be published.